Author: Buzzer Editor

2021 වසරේ ජනපතිවරණයෙන් පැරැදී, ධුරය අහිමි වී, ධවල මන්දිරයෙන් පිටව යද්දී, රහස් ලියකියවිලි රැගෙන ගොස්, ළඟ තබා ගත් බවට එල්ල වී තිබූ අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නිවැරදිකරු යැයි අධිකරණය තීන්දු කළේය. ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාග කෙරුණේ, මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටවී ගිය හිටපු ජනාධිපති ට්‍රම්ප් සිය ආධාරකරුවන් ඇමතුවේය. එම අවස්ථාවේදී ද එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් කියා සිටියේ, තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ප්‍රතිවාදීන් කුමන්ත්‍රණ මෙහෙයවන බවය. 2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර, තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Read More

ඩොලර් වියදම් නොකර ජපානයෙන් ණයට වාහන ගතහැකි බවත් නව වාහනයක් සියයට 70 ක් අඩුවෙන් ආනයනය කළ හැකි බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා ඊයේ (14) පැවසීය. ‘විට්ස්’ වර්ගයේ රථයක් ජපානයෙන් රුපියල් ලක්‍ෂ 10 කට 12 කට ලබාගෙන බදුත් සමඟ සාධාරණ මිලට අළෙවි කළ හැකි බව කී ඒ මහතා වාහන ආනයනය පිළිබඳ දැනුම ආනයනරුවන් සතුවීම නිසා වාහන ආනයනය ක්ෂේත්‍රය පණ ගැන්වීමේ හැකියාව ඔවුන්ට ඇති බව ද සඳහන් කළේය. (ලංකාදීප)

Read More

කොළඹ යුද හමුදා රෝහලේදී පසුගිය දා සිදුකළ ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා. ඒ අනුව එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ. යුද හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි 01 දින මෙම සැත්කම සිදුකර ඇති අතර, මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත බවයි සඳහන් වන්නේ. කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදුකර ඇති…

Read More

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභර්ණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් ලෝක සාගර දිනය නිමිතිකොටගෙන වෙරළ පිරිසිදුකිරීමේ ව්‍යාපෘතියක් වාද්දුව වෙරළ තීරයේ දී පසුගියදා සංවිධානය කරන ලදී. පරිසර ආරක්ෂණය හා තිරසාරභාවය වෙනුවෙන් කැපවෙන ප්‍රමුඛතම සන්නාමයක් ලෙස, එක් වරක් පමණක් භාවිතා කළ හැකි ප්ලාස්ටික් භාවිතය අවමකිරීම පිළිබඳව පොදු ජනතාව දැනුවත්කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවට පත්විය. මේ සඳහා රාජා ජුවලර්ස් හි කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දායකත්වය හිමිවීම ද සුවිශේෂි කරුණකි. රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් පළකරන ලදී. ” ශ්‍රී ලංකාවේ විශ්වසනීය ස්වර්ණාභරණ සන්නාමයක් ලෙස අපි නිරතුරුවම පරිසර ආරක්ෂාව , තිරසාරභාවය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබනවා. මෙවැනි…

Read More

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග විසඳුමක් වන “ManKiwwa” ජංගම දුරකථන යෙදුම ජාත්‍යන්තර සම්මානයක් හිමි කරගෙන තිබෙනවා. පසුගියදා මෙක්සිකෝවේ පැවැත්වූ World Summit Awards මෘදුකාංග සම්මාන උළෙලේදී “ManKiwwa” වෙත මෙම සම්මානය හිමි වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙත සහය දක්වන ලොව හොඳම මෘදුකාංග විසඳුම් අතරින් එකක් ලෙසයි. ගමේ නගරයේ පොදු ගැටළු ඊට අදාළ රාජ්‍ය ආයතන වෙත පහසුවෙන් දැනුම්දීම සඳහා මෙම ජංගම දුරකථන යෙදුම මහජනතාවට පහසුකම් සලසන බව එහි නිර්මාතෘ ශොහාන් කුලසූරිය පවසනවා. (සෘජු උපුටාගැනීම: එසැණ) Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

Read More

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 213 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට එරෙහි අධිචෝදනා විභාගය මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ ආරම්භ වීමට නියමිත විය. අධිකරණය හමුවේ පෙනී සිටීමට ට්‍රම්ප් සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණියේ නීතීඥ කණ්ඩායම ද සමඟය. ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා ගොනු කරනු ලැබ ඇත්තේ, රහස් ලියකියවිලි වැරදි ලෙස පරිහරණය සහ ඒවා ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි. ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු, ධවල මන්දිරයෙන් පිටවී යද්දී ට්‍රම්ප් එම රහස් ලියවිලි අනවසරයෙන් රැගෙන ගියේ යැයි පැවසෙයි. 2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසා…

Read More

අද දිනයේදී (ජුනි 14) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර…

Read More

මෙම වසරේ පළමු මාස 5 තුළ විදෙස් සංචාරකයින් 556,395 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී රුසියාවෙන් සංචාරකයන් 105,159 ක්, ඉන්දියාවෙන් සංචාරකයින් 99,147 ක් සහ බි්‍රතාන්‍ය සංචාරකයින් 45,108 ක් ලෙස වැඩිම සංචාරකයන් මෙරටට පැමිණ ඇති බවත් මෙම මස පළමු දින 11ක කාලය තුළ විදෙස් සංචාරකයින් 31,909 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කීය. මෙරටට පසුගිය වසරේ පළමු මාස 5 තුළ විදේශ සංචාරකයින් 378,521 ක් පමණක් පැමිණ තිබූ බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි. Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

Read More