- ලංකාවම අවදානම් කලාපයක්
- සයිබර් අපරාධවල සම්බන්ධ චීන සිරකරුවන් පිරිසක් පිටුවහල් කෙරේ
- ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- 2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?
- වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්
- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
Author: Buzzer Editor
ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් ඊයේ (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු විය. වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ධීවර කටයුතු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහත්වරු පරීක්ෂක මගී නෞකාව හා එහි පැමිණි සංචාරකයන් පිළිගැනීම සිදුකළහ. ඉන්දියාවේ චෙන්නායි පොන්ඩිචේරි වරායේ සිට කන්කසන්තුරය දක්වා මගී නෞකා සේවයක් ආරම්භ කිරීම සඳහා ශ්‍රි ලංකා රජය විසින් කළ ඉල්ලීමක් අනුව මෙම මගී ප්‍රවාහන සේවය ආරම්භ කෙරිණ. (ලංකාදීප)
2022 / 2023 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සෞන්දර්යය හා තාක්ෂණවේදය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ ජුනි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි සඳහන් වන්නේ.
රාජ්‍ය අංශයට අයත්ව තිබෙන දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබෙන බවට තොරතුරු සැල වෙනවා. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙලෙස ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එසේම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවද මෙලෙම ඈවර කර වසා දැමීමට තීරණය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය පහතින්. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ආසියානු ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ 2023 ආසියානු කුසලානය 2023 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා උද්වේගකර ODI තරඟ 13 ක් යටතේ පැවැත්වෙන බවත්, ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ නේපාලය යන ප්‍රභූ කණ්ඩායම් සමස්තයක් ලෙස තරඟ කරනු ඇති බවත් ප්‍රකාශ කිරීමට සතුටු වන බවයි. තරඟ 4ක් පකිස්ථානයේ පැවැත්වෙන අතර ඉතිරි තරඟ නවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර තරඟාවලිය දෙමුහුන් මාදිලියේ සත්කාරකත්වය දරනු ඇත. 2023 සංස්කරණය කාණ්ඩ දෙකකින් සමන්විත වන අතර, එක් කාණ්ඩයකින් කණ්ඩායම් දෙකක් සුපිරි හතර අදියර සඳහා සුදුසුකම් ලබයි. සුපර් ෆෝ අදියරේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පසුව අවසන් මහා තරගයට මුහුණ දෙනු ඇත. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා…
අපරාධ සැකකරුවන් සහ චූදිතයන් යුක්රේන සටන් බිමට යැවීමට රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘දූමා’ සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි පැවැසෙයි. ඒ, රුසියන් හමුදාව සමඟ එක් වී යුක්රේන හමුදාවට පහර දීමේ අරමුණින්ය. අපරාධ සැකකරුවන් සහ චූදිතයන් පවා සටන් බිමට යැවීමට රුසියන් ආරක්ෂක අංශ තීරණය කළේ මීට මාස කීපයකට පෙරය. ඊට අදාල යෝජනාවට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට යොමු කෙරුණි. එහිදී ඊට අනුමැතිය හිමිවිය. මේ වනවිට යුක්රේනය බටහිර රටවලින් ලැබී ඇති අවි ආයුද භාවිතයට ගනිමින් ආක්‍රමණික රුසියන් හමුදාවට දරුණු ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටින බව පැවැසෙයි. නැගෙනහිර යුක්රේනයේ රුසියන් හමුදා ග්‍රහණයේ පැවැති ගම්මාන කීපයක් මේ වනවිට යළි අත්පත් කර ගැනීමට පවා යුක්රේන…
අද (16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොසාටොම් සමාගම සමග එකඟතාවයකට පැමිණි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ප්‍රකාශ කර ඇත. මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවයක් එක් කරනු ඇතැයි අබේවික්‍රම මහත්මිය පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදි කිරීම තුළින් මෙරට බල ශක්ති අර්බුදයට කල්පවතින විසඳුමක් ලැබෙන බව අබේවික්‍රම මහත්මිය පවසා තිබේ. මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අනාගතයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ද සොයා බලන බවත් අබේවික්‍රම මහත්මිය පෙන්වා දී…
ඖෂධ මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඖෂධ කාණ්ඩ 60 ක මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. අදාළ ගැසට් නිවේදනය පහත ලින්ක් එක හරහා නැරඹිය හැකි මෙන්ම බාගත කර ගැනීමද සිදු කරගත හැක. http://documents.gov.lk/files/egz/2023/6/2336-53_S.pdf මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බවයි. ඒ අනුව ජූනි මස 15 වන දින සිට ජුලි 06 දක්වා අයදුම්පත්‍ර කැඳවීම සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (14) දිනයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පස්වරු 3 ට පමණ ආරම්භ වුණා. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 5 විසින් විවිධ ක්‍රීඩකයින් රැසක් මිලදී ගැනීමට කටයුතු කර තිබුණා. එහිදී වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක වන අතර, ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට මිලදී ගත්තා. වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක වන අතර ඔහු ඇමෙරිකානු ඩොලර් 80,000 කට මිලදීගෙන තිබුණා. වෙන්දේසියේදී මිල දී ගනු ලැබූ පළමු විදෙස් ක්‍රීඩකයා වූයේ ෂොයිබ් මලික් ය. ඩොලර් 50000 කට තක්සේරු වී සිටි…