- මාස 6ට රිය අනතුරුවලින් 2,000කට ආසන්න පිරිසක් මරුට
- ප්‍රදේශ කිහිපයකට වැසි
- වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
- දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
- ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සුදානම්
- ප්‍රශ්නගත එන්නත් තුළ මිනිස් සිරුරට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු – ජර්මනියේදී තහවුරු වෙයි
- සබරගමුවේ සිසුවා මියගියේ නවකවධය නිසා බව හෙළිවෙයි
- වලාකුළු ආවරණය හැකිලීම ගෝලීය උණුසුම තීව්ර කරන බවට අධ්‍යයනයකින් අනතුරු අඟවයි.
Author: Buzzer Editor
කඩිනමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට යෝජනා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා. තිරිඟු පිටි මිල වැඩි කිරීමට සමාගම් කටයුතු කිරීමට ඉඩ ඇති බැවින්, තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.
තිරිගු පිටි නිශ්චිත භාන්ඩ වර්ග යටතට පත් කරමින් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මෙම මස 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව යම් වෙළෙඳ සැලක් තිරිගු අළෙවි නොකර සගවාගෙන සිටිය හොත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර සිරදඩුවම් ලබා දිය හැකිය. එම ගැසට්ටුව පහත ලින්ක් එක හරහා බැලිය හැක. http://documents.gov.lk/files/egz/2023/6/2336-67_S.pdf Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.
ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (18) සිම්බාබ්වේ හී දී ආරම්භ වනවා. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්වෙන අතර දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.
දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා රුසියාවට ගොස්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය අවසන් කරන්නැයි ඉල්ලීමක් කළේය. දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා රුසියාවට ගියේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම නියෝජිතයන් ලෙස තවත් අප්‍රිකානු රටවල් හතක රාජ්‍ය නායකයන් ද පිරිවරා ගනිමිනි. සාම නියෝජිත කණ්ඩායම රුසියන් ජනාධිපති පුටින් හමුවේ පෙන්වා දුන්නේ, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරිම සඳහා මැදිහත් වීමට තමන්ට හැකි බවය. ‘යුද්ධය දැන් ඇති. අවසන් කරන්න වෙලාව ඇවිල්ලා. සාකච්ඡා කරමින්, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අර්බුදය විසඳා ගැනීම කළ යුතුයි’ යැයි රැම්පෝසා පුටින් හමුවේ පෙන්වා දුන්නේය. රැම්පෝසා ඇතුළු සාම නියෝජිත කණ්ඩායම, පසුගිය සිකුරාදා (16) යුක්රේනයේ කීව් අගනුවරට ගොස්…
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (18) දිනය තුළ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී සහ පාර්ලිමේන්තු ආංශීක අධීක්ෂණ කාරක සභා වල තරුණ සහභාගීත්වය ඉහල නංවා ගැනීමේ දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එහිදී අසුසා කුබෝටා මහත්මියට පවසා තිබේ. (ලංකාදීප)
‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී පිළිගැන්විණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ඊට අදාළ අනෙකුත් ආයතනවල ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ඇතුළත් කර ‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත – 2048’ සකස් කර තිබේ. අනතුරුව එය අන්තර් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව විසින් නිර්දේශ කර ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් ජාතික භෞතික සැලසුම් සභාවේ (National Physical Planning Council – NPPC) අනුමැතිය සඳහා මෙලෙස ඉදිරිපත් කෙරිණි. ජාතික භෞතික සැලසුම්කරණ සභාවේ සාමාජිකත්වය දරණ අමාත්‍යාංශවල අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ජනාධිපති ලේකම්…
විවිධ ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා මෑතකදී රුපියල් මිලියන 52 ක ප්‍රදානයක් ලබා දීමෙන් පසුව, පාකිස්තානය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දීමට ප්‍රතිඥා දී ඇත. අන්තර් පළාත් සම්බන්ධීකරණ අමාත්‍ය එහ්සාන් උර් රෙහ්මාන් මසාරි (Ehsan ur Rahman Mazari) මහතා කොළඹදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමඟ ක්‍රීඩාවේ අන්‍යෝන්‍ය සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්වීය. ශ්‍රී ලංකා ලෝක කුසලාන ජයග්‍රාහී නායක අර්ජුන රණතුංග සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී පකිස්ථාන අමාත්‍යවරයා හොකී, ස්කොෂ් සහ කබඩි සඳහා පුහුණුකරුවන් ලෙස සහාය ලබා දෙන ලදී. දෙරට අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට ක්‍රීඩාවට ඇති හැකියාව අවධාරණය කළ IPC අමාත්‍යවරයා ක්‍රීඩා රාජ්‍ය…
වසරක් පාසා පැවැත්වෙන තලෙබාන් සාම සමුළුව, නෝර්වේ රාජ්‍යයේ දී ආරම්භ වූ අතර, සමුළුවට සහභාගී වීමට තලේබාන් රජයේ නියෝජිත කණ්ඩායමක් නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරට පැමිණි බව නෝර්වේ විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයක් පිහිටුවීම සිදුවූයේ 2021 වසරේ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසුවය. තලේබාන් රජය ඔවුන් ආවේණික වූ ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව, බාලිකා අධ්‍යාපනය තහනම්ය. කාන්තාවන්ට රැකියාවල නියැලීම තහනම්ය. නෝර්වේ සමුළුවේදී ඇෆ්ගන් බාලිකාවන්ට සහ කාන්තාවන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් අවධානය යොමු වනු ඇතැයි ද පැවැසෙයි. තලේබාන් සමුළුවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල නියෝජිතයෝ ද සහභාගී වෙති. (රොයිටර්) තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින අතර සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද දිනයේ (17) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 45ත් අතර තද සුළං බවට පත්විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන…