Author: Buzzer Editor

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාලසීමාව තුළ සිදුකරන බවයි එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජංගම දුරකථන සේවා සැපයුම්කරුවන Dialog Axiata PLC සමාගමේ දෙවන විශාලතම කොටස් හිමියා බවට Bharti Airtel Limited පත් වී ඇත. මෙය සිදු වී ඇත්තේ මෙම සමාගම් දෙක අතර Bharti Airtel Lanka සමාගම සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතාවයකට අනුවය. ඉන්දීය Bharti Airtel Limited හි පූර්ණ අනුබද්ධ සමාගමක්වන Bharti Airtel Lanka සමාගමේ කොටස් සියයට සියයක්ම Dialog Axiata සමාගම වෙත ලබා දී ඒ වෙනුවට Dialog Axiata PLC සමාගමේ කොටස් ලබා ගැනීමේ කොටස් හුවමාරු ගිවිසුමකට මෙම සමාගම් දෙක පසුගිය අප්‍රේල් මාසයේදී එළඹිණි. මෙම සමාගම් දෙක අතර ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට තීරණය කෙරුණේ පසුගිය වසරේ මැයි මාසයේදීය. Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර…

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රිට් ආඥාව ප්‍රකාශයට පත් කර ඇත්තේ. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකු හේතුවෙන් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදා​ළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක Visa බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට ඊයේ (06) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා. තවද ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එසේම මෙරටට විදේශිකයෙකු ඇතුල්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා. Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Read More

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඇරැයුමට අනුව, චීන ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති මන්දිරය ලෙස සැලකෙන එලීසේ මාලියට පැමිණි අවස්ථාවේදීය. චීන ජනාධිපති යුරෝපා රටවල් කීපයක සංචාරය කරයි. ඔහුගේ පළමු නැවැතුම වන්නේ ප්‍රංශයයි. යුරෝපා රටවල් සහ චීනය අතරේ ඇයිහොඳයිකම් පළුදු වී ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධයේ දී චීනයයේ සහාය රුසියාවට හිමිවන බැවිනි. පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට චීන ජනාධිපති ජින්පින් මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි. චීන ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වී සිටින්නේ බිරිඳ පෙන්ග් ලුවාන් සහ චීන රජයේ නියෝජිත පිරිසක් ද සමඟය. එලී​සේ මාලිගයට පැමිණි ප්‍රංශ…

Read More

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී “දැඩි අවධානය” යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම බස්නාහිර, සබරගමු සහ දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා…

Read More

ආසියානු රග්බි පළමු කොටසේ අවසන් මහා තරගයෙන් කසකස්තානය පරදවා ලකුණු 45-07කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කොළඹ තුරඟ තරග පිටියේ පැවැති ඉතා වැදගත් අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාව උත්සාහක දිනුම් 7ක් වාර්ථා කරමින් අති විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් විය. Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Read More

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට යළිත් වරක් මහ වැසි ඇදහැලීමට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි. මහ වැසි හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත. රජයේ සහ පෞද්ගිලක අංශයේ කාර්යාල වසා දමා ඇත්තේ නිවසේවල සිට රාජකාරි කිරීමට අවසර දෙමිනි. මහ වැසි සමඟ අකුණු කුණාටු සහ සුළි සුළං තත්ත්වයක් ද හටගෙන ඇත. මිලිමීටර් 50 ට වැඩි මහ වැසි ඇද හැලෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. මේ වනවිටත් ඩුබායි නගරයේ ස්ථාන කීපයක් මහ වැසි නිසා ජලයෙන් යටවී ගොස් ඇතැයි ද පැවැසෙයි. මහ වැසි නිසා අවලංගු කළ ගුවන් ගමන් ගණන 13 කි. ඩුබායි බලා පැමිණෙන ගුවන් යානා බොහොමයක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවීම සිදුවුණු…

Read More

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. එමෙන්ම ලාෆ් ගෑස් මිලද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Read More

මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Toyota Lanka (පෞද්ගලික) සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින සිය අලෙවි නියෝජිතයන්ගේ විශිෂ්ට සේවාව අගය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 16 වැනි වාර්ෂික අලෙවි නියෝජිත සමුළුව පසුගියදා පවත්වන ලදී. එහිදී අලෙවි නියෝජිතයන් 500 දෙනෙකු වෙනුවෙන් ගෞරව ප්‍රණාම පිරිනැමිණි.Toyota Genuine Motor Oil, Toyota Genuine අමතර කොටස්, PIRELLI, Accelera සහ Otani Tyres මෙරට තුළ බෙදාහැරීමේදී ප්‍රමිතිගත සේවාවක් සහතික කිරීම වෙනුවෙන් එම අලෙවි නියෝජිතයන් විසින් දක්වන ලද මෙහෙවර ඇගයීම සඳහා මෙම සමුළුව කදිම වේදිකාවක් විය. මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සුදුසුකම් සපුරන ලද ජයග්‍රාහකයන් වෙත සම්මාන ප්‍රදානය කළ අතර බලයලත් අලෙවි නියෝජිත කාණ්ඩයේ ජයග්‍රහණය Auto World (Pvt) Ltd…

Read More