විවිධ පුද්ගලයින්ගේ ATM කාඩ්පත් සොරකම් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරකම් කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බම්බලපිටිය පොලීසියට ලද පැමිණිලි 2කට අනුව සිදුකළ විමර්ශනයක් අනුව සිද්ධියට සම්බන්ධ දොම්පේ කපුගොඩ ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසිය විසින් සැකකරු ATM යන්ත්ර හරහා සොරකම් කරන ලද කාඩ්පත් භාව්ත කර මුදල් ලබාගන්නා අවස්ථාවල CCTV දර්ශන උපයෝගී කරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මෙලෙස රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් වංචා කර ඇති බවද පොලීසිය ප්රකාශ කළා.
අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 06 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.