2023 ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 43 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 164 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto ලකුණු 89 ක් හා Towhid Hridoy ලකුණු 20 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක් හා ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාගේ සහ දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්රහාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී සධීර සමරවික්රම ලකුණු 54 ක් හා චරිත් අසලංක ලකුණු 62 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ෂකීබ් අල් හසන් (Shakib Al Hasan) කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.
ශ්රී ලංකාව අඛණ්ඩව එක්දින තරග 11 ක් ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙනවා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.