2023 ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්වුණා. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 266 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ishan Kishan ලකුණු 82 ක් හා Hardik Pandya ලකුණු 87 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi කඩුලු 4 ක් හා Naseem Shah සහ Haris Rauf කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 267 ක්. පළමු ඉණිම අවසානයේ වර්ෂාව පැමිණීම හේතුවෙන් තරඟය පටන්ගැනීමට නොහැකි වූ අතර කඩයිම් වෙලාව වනතෙක් වර්ෂාව නතර නොවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට තීරණය කෙරුණු බවයි සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.