2023 ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය ලකුණු 41 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 213 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රෝහිත් ෂර්මා (Rohit Sharma) ලකුණු 53 ක්, කේ. එල් රාහුල් (KL Rahul) ලකුණු 39 ක් හා ඉෂාන් කිෂන් (Ishan Kishan) ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 5 ක්, චරිත් අසලංක කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 172 ක් පමණයි. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42 ක් හා ධනංජය ද සිල්වා ලකුණු 41 ක් ලබා ගත්තා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.