Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආයුර්වේද වෛද්‍යවරුන් 304කට ඉදිරියේ දී පත්වීම්
News 3 Views

ආයුර්වේද වෛද්‍යවරුන් 304කට ඉදිරියේ දී පත්වීම්

Buzzer EditorialBy Buzzer EditorialJuly 14, 2025No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 304ක් සඳහා පත්වීම් ලබාදීම අනුමතව ඇති බැවින් එම පත්විම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය යටතේ වන යාපනය, කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහල පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයෙන් අනතුරුව පැවැති විශේෂ රැස්වීමක දී අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි. 

ආයුර්වේද ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් තවත් 1000කට වඩා සිටින බවත් මේ ක්ෂේත්‍රයේ සියලු දෙනාම රජයට බඳවා ගත නොහැකි බවත්, අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

එම ‍වෛද්‍යවරුන් සඳහා සීමාවාසික පුහුණූව ලබාදුන් පසු මෙරට හෝ විදෙස්ගතව සේවය කරන්න අවස්ථාව ඔවුන් සඳහා සලසා දිය හැකි බව ද තව ඉදිරි පියවරක දී රජයට බඳවා ගෙන ඉන් යම් ප්‍රමාණයක් සංචාරක ක්ෂේයට ලබාදිය හැකි ද යන්න පිළිබඳවත් අවධානය යොමු කර තිබෙන බව ද  පැවසීය. 

මේ අතර මෙරට බටහිර වෛද්‍ය ක්‍රමය පමණක් නොව දේශීය ආයුර්වේද, සිද්ධ, යුනානි යන ක්ෂේත්‍රයන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන බවත්, මෙවර අයවැයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව වැඩි මුදලක් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කර තිබෙන බව ද මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. 

මෙරට ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ජනතාවට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන සියලු වෛද්‍ය ක්‍රමයන්ට අවශ්‍ය තැන ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමාගේ මූලික වගකීමක් බවත්, ක්ෂේත්‍ර නොසලකා සිටිමට හෝ අඩු සැලකිලි දැක්විය හැකි ක්ෂේත්‍රත් නොවන බව ද පැවැසී ය. 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය විධිමත් කිරීමේ රජයේ නව වැඩපිළිවෙල යටතේ මේ වසරේ එම ප්‍රාථමික සත්කාර ඒකක ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් වසර තුනක් තුළ ප්‍රාදේශීය මට්ටමින් නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000ක් ස්ථාපිත කිරිමට බලාපොරොත්තු වන බව ද මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා එම ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන 1000 තුළ ම නොවුනත් ඒ ඒ ප්‍රදේශය අනුව ආයුර්වේද, සිද්ධ, යුනානි වෛද්‍ය ක්‍රමයන් හදුනාගත් සහ අවශ්‍ය තැන්වල දී ඒකාබද්ධ කර ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව ද පැවසීය. 

මෙම මධ්‍යස්ථාන ඖෂධ ලබාදෙන ප්‍රතිකාර මධ්‍යස්ථාන පමණක් නොවන බවත්, සුවතා මධ්‍යස්ථාන ලෙස හැදින්විය හැකි බව ද පැවසී ය.

සංචාරක සෞඛ්‍යයට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් වසරකට ලක්ෂ 40ක සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය සුපරා ගත හැකි බවත්, දැනටත් මෙරටට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන හේතුවක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ආයුර්වේද, සිද්ධ, යුනානි ප්‍රතිකාර සේවාවන් පෙන්වා දිය හැකි බව ද පැවසී ය. 

මුහුදු වෙරළ වෙනුවෙන් මාලදිවයිනට යන සංචාරකයින්ට අමතරව මෙවැනි ආකාරයේ ප්‍රතිකාර ලබාගැනිමට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි කර ගත යුතු බවත්, මෙම ක්‍රමවේද දෙක තුළ පමණක් ආයුර්වේද, සිද්ධ, යුනානි වෛද්‍ය විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ට රැකියා ලබාදීමට හැකියාව ලැබෙන බව ද පෙන්වා දෙන ලදි. 

මේ අතර ඉදිරියේදී කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස උසස් කිරීමේ හැකියාව පවතින බවත්, ඒ පිළිබඳ සාකච්ඡා කර හොඳ පිළිතුරක් ඉදිරියේ දී ලබාදිය හැකි බව ද පැවසී ය. 

වෛද්‍යවරු 16 ක් සිටින කයිඉට්ටි සිද්ධ ශික්ෂණ රෝහලට දැනට සිටින දෙදෙනෙකුගෙන් යුත් හෙද කාර්ය මණ්ඩලය  කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව ද ඉදිරියේ දී අවශ්‍ය හෙද කාර්ය මණ්ඩල ලබාදීමට කටයුතු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු නැගෙනහිර සේවය කරන හෙද නිලධාරින්ට වසර 03 කින් ස්ථානමාරු ලබාදෙන බවත්, ආයුර්වේද රෝහල්වල ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ආයුර්වේද රෝහල්වල හෙද කාර්ය මණ්ඩල වලට පමණක් එවැනි අසාධාරණයක් සිදු විය නොහැකි බව ද පැවසී ය. 

ඔසු උයන්වලින් ලැබෙන ආදායමට සාපේක්ෂව ආයුර්වේද ක්ෂේත්‍රයේ රෝහල්වල ගෙවන වාට්ටු ඉහළ ආදායම් උපයා තිබෙන බවත්, මෙම ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරය සමග දියුණු කිරිමට බලාපොරොත්තු වෙනවා නම් ඔසු උයන් රෝහල් පද්ධතිය මේ වෙනුවෙන් විවෘත කරන ලෙස තමන් යෝජනා කරන බවත්, සිද්ධ ආයුර්වේද, යුනානි වෛද්‍ය ක්‍රමවේද හරහා මුදල් ඉපයීමට හැකි පරිදි නවීකරණය කළ යුතු බවත්, ඒ සදහා අවශ්‍ය සහයෝගය රජය ලබාදෙන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා ආයුර්වේද සහායක කාර්ය මණ්ඩල ප්‍රශ්ණයට වැඩිකල් නොයවා විසදුම් ලබාදිය හැකි වනු ඇති බව ද වැඩිදුරටත් පැවැසී ය.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleන්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම සමාලෝචන වැඩසටහන ඇරඹෙයි
Next Article ශ්‍රීලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහට ඇප
Buzzer Editorial

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20263 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202603 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.