මෙරට ලන්දේසි පාලන කාලය තුලද ඔවුන් විසින් රැගෙන ගිය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් මෙරට කෞතුක භාණ්ඩ යළි මෙරටට ලබාගැනීමේ ගිවිසුම සඳහා අද (28) අත්සන් තැබෙන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
බුද්ධ ශාසන අමාත්‍යංශය නෙදර්ලන්තයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන් එම පුරාවිද්‍යා භාණ්ඩ ලබාදීමට එකගතාව පළ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.
එලෙස නෙදර්ලන්තයෙන් ගෙන්වා ගන්නා පුරාවිද්‍යා වටිනාකමක් සහිත භාණ්ඩ ඉදිරියේදී මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට විවෘත කරන බවයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු සහ පුවත් දැන ගන්න.