වින්ඩ් ෆෝස් සමාගමේ අනුබද්ධිත සමාගමක් වන හිරුරැස් පවර් සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදි කළ මෙගාවොට් 15 ක සුළං බලාගාරය විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (6) විවෘත කළේය.
සුළං කුළුණු 6 ක් හරහා ජාතික පද්ධතියට මෙහි විදුලිය නිපදවන අතර එම සමාගම මගින් පසුගිය ආර්ථික අර්බුද සමය තුළදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.
දේශීය ඉංජිනේරුවන් සහ ශ්‍රමය මත මෙහි කටයුතු කෙටි කාලයකින් අවසන් කිරීමට හැකිවිය. (ලංකාදීප)


