ශ්‍රී ලංකාවට කිලෝමීටර 1260 ක් ගිණිකොන දිග මුහුදේ, ඊයේ (01) භූ කම්පනයක් සිදු වී තිබෙන බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය තොරතුරු හෙළිදරව් කරමින් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව රිප්ටර් මාපක 5.8ක අගයකින් එම භූකම්පනය වාර්තාවී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම භූකම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් එමගින් ලංකාවට බලපෑමක් නොමැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ.