එක්සත් ජනපදයේ R M පාර්ක්ස් සමාගම සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කළේය.
R M පාර්ක්ස් සමාගම ඩොලර් මිලියන 110 ක් ආයෝජනය කිරීමට නියමිත බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
ලොව ප්රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන R M පාර්ක්ස් සමාගමට මෙම ගිවිසුමත් සමඟ ‘ෂෙල්’ නිෂ්පාදන ශ්රී ලංකාවේ අළෙවි කිරීමේ අවස්ථාව උදාවන අතර ඒ අනුව ඉදිරියේදී ශ්රී ලංකාව තුළ R M පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතය.
එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.