නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීම සඳහා සබඳතා ගොඩනගා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව තානාපති මට්ටමින් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව ත්‍රෛපාර්ශ්වික හමුවකදී සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඇති කිරීමේදී දකුණු ආසියාව ප්‍රධාන පාර්ශ්වකරුවෙකු බවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ සබඳතාවලට ජපානයට වැදගත් බවත් ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද අත්‍යාවශ්‍ය හවුල්කරුවන් බවත් ඉන්දියාවේ ජපාන තානාපති හිරෝෂි සුසුකි මහතා ඉන්දීය ,ශ්‍රී ලංකා සහ ජපාන ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාවේ සමාරම්භක සැසිවාරය අමතමින් පැවසුවේය.
සියලුම ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ සහභාගීත්වයෙන් විනිවිද පෙනෙන සහ සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ශ්‍රී ලංකාව සිදු කිරීම ඉතා වැදගත් බවද සුසුකි මහතා එහිදී පෙන්වා දී ඇත.
එසේම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් මූල්‍ය සහාය ප්‍රශංසනීය බවත් එම සහාය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උදව් වූ බවත් සුසුකි මහතා ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියාවේ සහාය විශාල ශක්තියක් වූ බවයි.
ඉන්දියාවේ සහ ජපානයේ පුද්ගලික අංශය ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ආයෝජනය කරමින් දායක වීමට මෙය සුදුසු කාලය බවද මොරොගොඩ මහතා පෙන්වා දී ඇත. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)