දේශීය පොල්තෙල් නිෂ්පාදනය සඳහා බදු අය නොකරන්නේ නම් පාරිභෝගිකයන්ට රුපියල් 350ත් 380ත් අතර මිලකට පොල්තෙල් ලීටරයක් ලබාදීමේ හැකියාවක් පවතින බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ආනයනික තෙල් මිල වෙළඳපොළ තුළ සීඝ්රයෙන් ඉහළ යන බැවින් රජය දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට සහන ලබාදිය යුතු බවයි එහි ප්රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා සඳහන් කළේ.
පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවා ගනිමින් ඔවුන්ට සිතෙන පරිදි මිල දර්ශන ඉදිරිපත් කරන බවත්, කිසිඳු මිල පාලනයක් සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.