මෙරට පාරිභෝගිකයින්ගේ නාඩු සහල් සඳහා පවතින ඉල්ලුම සම්පූර්ණ කිරීම සඳහා නව සහල් ප්‍රභේදයක් වෙළඳපොළට හඳුන්වා දීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේ රතු කැකුළු නාඩු බවට පරිවර්තනය කර මෙහිදී ගෝල්ඩන් රයිස් නමින් වෙළඳපොළට නිකුත් කරන බවයි.

වී මිලදී ගැනීම සඳහා මේ වන විට දිවයින පුරා වී ගබඩා 37ක් විවෘත කර තිබුනද තවදුරටත් වී අලෙවි මණ්ඩලය සඳහා වී ලැබෙමින් පවතින්නේ හම්බන්තොට, අම්පාර හා මොණරාගල යන දිස්ත්‍රික්කවලින් පමණක් බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ වැඩිදුරටත් පැවසුවේ.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version