ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද සිදුකර තිබෙනවා.
ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය HE. Zuhair M.H. Dar Zaid වෙත වෙත නිල වශයෙන් භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහසක් අනුව ආරම්භ වූ Children of Gaza Fund නම් අරමුදල වෙත මේ වන විටත් පරිත්‍යාගශිලී බොහෝ පිරිසක් අරමුදල් බැර කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.