ශ්රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ප්රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා එම ණය මුදල ලබාදී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්රී ලංකා ජනතාවට මුහුණදීමට සිදුවී ඇති තත්ත්වය ගැන ඔවුන් සැලකිලිමත්වන බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.