ශ්රී ලංකා රජය විදේශ ණය වශයෙන් ගන්නා ලද රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අනුරාධපුර සිට මිහින්තලය හන්දිය දක්වා කිලෝමීටර් 1.5 ක දුර ප්රමාණය ප්රධාන මාර්ගයේම මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකිව තිබියදී වසරකට දින තුනක් හෝ හතරක දුම්රිය ධාවනයක් වෙනුවෙන් මෙපමණ මුදලක් වැය කිරීම ගැටලුවක් බවද එම වාර්තාවේ දැක්වේ.
අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය පොසොන් කාලයට පමණක් වසරකට දින තුනක් හෝ හතරක් සිදුකරන අතර 2019 වර්ෂයෙන් පසු එම දුම්රිය ධාවනය කර නොතිබුණු බව විගණන කාර්යාලය පවසයි.
මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පිළිතුරු ලබාදී නැතැයිද විගණන වාර්තාවේ දැක්වේ. (සෘජු උපුටාගැනීම: ලංකාදීප)
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.