සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්ඩර් රාසා (Sikandar Raza) ලකුණු 62 ක් හා ටිනාශේ කමුනුකම්වේ (Tinashe Kamunhukamwe) ලකුණු 26 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග කඩුලු 2 බැඟින් බිඳහෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ජයග්රාහී ඉලක්කය පසුකර ගියා. ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46 ක් හා දසුන් ශානක ලකුණු 26 ක් ලබා ගත්තා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.