අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමීව සිදුකරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙසේ පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. එමෙන්ම මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්ව යටතේ වතුර සැපයෙන බවයි වාර්තා වන්නේ.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.