පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ශ්රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරඟයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 79 ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම සඳහා හතරේ පහරවල් 5 ක් හා හයේ පහරවල් 5 ක් අඩංගු වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, ළහිරු කුමාර හා බිනුර ප්රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ලකුණු පුවරුව පහතින්.



