Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බෙටී සහ බාර්නි හිල්ගේ පිටසක්වල පැහැර ගැනීම
Science & Tech 11 Views

බෙටී සහ බාර්නි හිල්ගේ පිටසක්වල පැහැර ගැනීම

Buzzer EditorBy Buzzer EditorOctober 20, 2022Updated:October 20, 2022No Comments5 Mins Read11 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

1961 වර්ෂයේ සැප්තැම්බරයේදී, බෙටී සහ බාර්නි හිල්, ප්‍රමාද වූ මධුසමය ගත කර නිවසට යන ගමනේදී කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට නිව් හැම්ප්ෂයර් හි පෝට්ස්මවුත් නගරය වෙත යමින් සිටියා. නිව් හැම්ප්ෂයර් හි ධවල කඳුකරය හරහා යමින් සිටියදී මෙම යුවළ පිටසක්වළ සංසිද්ධියකට මුහුණ දුන් අතර එමඟින් ඔවුන් ජාත්‍යන්තර අවධානයට ලක් වුණා.

බෙටී සහ බාර්නි හිල් දෙදෙනාම පෝර්ට්ස්මෞත් හි දිගු වේලාවක් එදින වැඩ කළා. බෙටී, ළමා සුභසාධන නඩු හසුරුවන සමාජ සේවකයෙකු වූ අතර බාර්නි තැපැල් සේවකයෙකු විය. බොහෝ විට දිනකට සැතපුම් 60 ක් ධාවනය කර රාත්‍රී වැඩ මුරයේ වැඩ කළා.

බෙටි සහ බාර්නි හිල්

දිනක්, හොඳ විවේකයක් ගැනීමට තීරණය කිරීමෙන් පසු හිල්ස්, මොන්ට්‍රියල් සිට නයගරා දිය ඇල්ල දක්වා අපූරු මාර්ග ගමනක් සැලසුම් කළා. මෙම යුවළ විවාහ වී මාස 16 ක් ගතවුවත්, ඔවුන් කිසි විටෙකත් මධුසමය ගත නොකළ අතර, මෙම සංචාරය ඔවුනට සුදුසුම කාලය ලෙස ඔවුන් සැලකුවා. අමතර මුදල් ලබා ගැනීම සඳහා බැංකුවක් අසලවත් නවත්වන්නේ නැතුව ඔවුන් දෙදෙනා දින තුනේ සංචාරය සඳහා පිටත්ව ගියා.

ඔවුන්ගේ ගමනේ අවසන් රාත්‍රියේදී, හිල්ස් විසින් රාත්‍රී 10 ට පමණ, රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා වර්මොන්ට් නගරයට පිටත් වුණා. පාන්දර 2 ට පමණ නැවත පෝර්ට්ස්මූත් වෙත යාමට බලාපොරොත්තුවෙන් ආපසු රිය පදවගෙන යනවිට, අහසේ දීප්තිමත් ආලෝකයක් ඔවුන් පසුපස එන බව ඔවුනට පෙනුනා. ඔවුන් ගිය සෑම සැතපුමක් පාසාම ආලෝකය විශාල වෙමින්, වැඩි වැඩියෙන් දීප්තිමත් වීමට පටන් ගත්තා. දෙවන ලෝක යුද්ධයේ ප්‍රවීණයෙකු හා ගුවන් යානා ප්‍රිය කරන්නෙකු වූ බාර්නි හිල්, මුලින්ම මේ ආලෝකය ගැන එතරම් සිතුවේ නැහැ. මධ්‍යම රාත්‍රිය වූ හෙයින්, මේ ආලෝකය ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරයකින් පැමිණිය නොහැකියි කියා ඔහු සිතූ අතර, ඔහු උපකල්පනය කළේ එය කඩා වැටෙන චන්ද්‍රිකාවක් පමණක් බවයි.

එසේවුවත්, ඔවුන් ධවල කඳුකරයේ වංගු සහිත මාර්ග ඔස්සේ ගමන් කරන විටත් ආලෝකය ඔවුන් පසුපස හඹා ගියා. සමහර විට ආලෝකය ගස් පිටුපස ගොස් අතුරුදහන් වූ අතර සුළු වේලාවකට පසු නැවතත් දිස් වුණා.

බෙටි හිල්ගේ පිටසක්වල යානයේ චිත්‍රය

අවසානයේදී, මෙම යුවළගේ කුතුහලය වැඩි වූ අතර, ඔවුන් දෙදෙනා වාහනය නවතා, මේ කුමක්දැයි පරික්ෂා කිරීමට තීරණය කළා. මේ ආලෝකය චන්ද්‍රිකාවක් නොවන බවත්, ඇත්තෙන්ම එය අහසේ කැරකෙන යම් වස්තුවක් බවත්, එය පියාඹන පීරිසියක හැඩය ගන්නා බවත්, දුරබලන දෙනෙතියක් තුළින් බෙටි තේරුම් ගත්තා. බාර්නි ද එය එසේ බව පිළිගත්තා. නැවතත් මේ යුවල වාහනයට ගොඩ වී, ලින්කන් නගරයේ 3 වන පටුමගට ළඟා වන තෙක් තමන්ගේ වාහනය ධාවනය කළා.ඒ වන විට අර වස්තුව, කාරයට අඩි 100 කට වඩා ඉහළින් තිබුනා.

බාර්නි හදිසියේම වාහනය නැවැත්වූ අතර, තුවක්කුවක්ද රැගෙන කාර් එකෙන් එලියට බැස බැලුවා. එවිට, ජෙට් යානයක් තරම් විශාල නමුත් පෑන්කේක් එකක් තරම් පැතලි යමක්, ඔහු අහසේ පාවෙනු දුටුවා. එක්වරම, මේ පියාබන වස්තුවේ කවුළු තුලින්, අළු පැහැති ඇඳුමකින් සැරසුණු ජීවියෙක් විසින්, බාර්නිට ඔහුගේ දුරදක්නය පහත් කරන ලෙස සංඥා කළා. එවිට ඔහු තමන්ගේ පිස්තෝලය ඉහළට ගැනීමට උත්සාහ කළ නමුත්, කෙසේ හෝ ඔහුට එය කිරීමට නොහැකි වුණා. මේ ජීවින් විසින් තමන්ව අල්ලා ගැනීමට ආසන්න බව තේරුම් ගත් ඔහු, නැවතත් කාරය වෙත දිව ගියා. එක්වරම, බෙටී සහ බාර්නි හිල්ට අමුතු බීප් හඩක් ඇසුණු අතර, නිදිමත ගතියක් සමග, අවසානයේ ඔවුන් දෙදෙනාට සිහිය නැතිවුණා.

බෙටි හිල් හැඳ සිටි ඇඳුම

පසුදා උදෑසන මෙම යුවළ, පෝට්ස්මූත් හි පිහිටි තම නිවසේදී අවදි වූ අතර පෙරදින රාත්‍රියේ සිදු වූ සිදුවීම් කිසිවක් පැහැදිලිව මතකයට නැඟෙන්නේ නැති බව ඔවුන්ට වැටහුනා. කෙසේ වෙතත්, බාර්නිගේ සපත්තු සහ බෙටීගේ ඇඳුම ඉරා දමා තිබූ අතර, ඔවුන්ගේ අත් ඔරලෝසු දෙකම ක්‍රියා කිරීම නැවතී තිබුණා.

සිදු වූ දේ එකට එකතු කිරීමට උත්සාහ කරමින් බෙටී, පුස්තකාලය තුළ පැය ගණනක් ගත කළේ සිවිල් UFO කණ්ඩායමක් වන, ගුවන් සංසිද්ධීන් පිළිබඳ ජාතික විමර්ශන කමිටුව (NICAP) ගැන කියවීමට ය. විකිරණ පිළිබදවද සැලකිලිමත් වූ ඇය, ගුවන් හමුදාවට මේ පිළබදව වාර්තාවක් ද ඉදිරිපත් කළා. ඉදිරි වසර කිහිපය ඇතුලත මෙම යුවළට, නොසන්සුන් සිහින හා කනස්සල්ලෙන් පීඩා විදීමට සිදුවුණා. ඒවගේම, බෙන්ජමින් සයිමන් නම් මනෝචිකිත්සකයෙකු, ඔවුන් හමුවීමට පටන් ගත් අතර, එදින රාත්‍රියේ සිදු වූ දේ එකට එකතු කිරීමට ඔහු, මේ යුවලට උදව් කළා.

ඒ කාලයේ ජනප්‍රිය තාක්‍ෂණයක් වූ, මෝහනය තුළින් මෙම යුවළ, තමන්ට සිදු වූ දේ සිහිපත් කිරීමට පටන් ගත්තා. බාර්නි ට අනුව, ඔවුන් කදුකරයේ වේගයෙන් ගමන් ගන්නා විට, මේ යානය තමන්ගේ කාරය මතට ගොඩබා ඇති අතර, ඉන්පසුව ඔවුන්ව නින්දට පත් කර ඇත. පසුව, අර කලින් පැවසු අළු පැහැති ජීවින් විසින් ඔවුන්ව, අභ්‍යවකාශ යානයක් තුලට රැගෙන ගොස් ඇත. යානය ඇතුළට ගිය පසු, බාර්නිව වෙන් කරගෙන, තනි තනිව ඔවුන්ව පරීක්‍ෂා කර ඇත. එහිදී, ලෝහ මේසයක් මතට නැග ඇඳුම් ඉවත් කරන ලෙසට මේ ජීවින් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර, එහිදී මේ අයගේ හිසකෙස්, නියපොතු සහ සමෙන් කොටස් ඉවත් කර ගෙන ඇත. සෑම සාම්පලයක්ම වීදුරු ස්ලයිඩයකට සමාන යමක් මත තබා ඇත. මේ අළු පැහැති ජීවීන් විසින්, ඔවුන්ගේ අත්, කකුල් සහ හිසටද ඉඳිකටු ඇන පරීක්‍ෂා කර ඇත. ගර්භණී පරීක්ෂණයක් සඳහා එක් ඉඳිකටුවක්, ඇගේ බඩට ඇතුළු කළ බව බෙටි සිහිපත් කර ඇත.

ඒවගේම, තවදුරටත් බෙටී සහ බාර්නි හිල් කියා සිටියේ, මෙම සමස්ත කාලය පුරාවටම, මෙම ක්‍රියාවලිය පැත්තෙන් සිට නිරීක්ෂණය කරමින්, මෙහි “නායකයා” ලෙස එක් ජීවියෙකු සිට ඇති බවයි. පසුව බෙටි විසින්, මේ යානය පැමිණියේ කොහේ සිටදැයි මේ නායකයාගෙන් අසා ඇත. මෝහනය යටතේ සිටියදීම, අර නායකයා විසින් යානය තුලදී ඇයට පෙන්වූ තරු සිතියම ඇය ප්‍රතිනිර්මාණය කර ඇත. මේ සිදුවීමෙන් වසර ගණනාවකට පසු, මාර්ජෝරි ෆිෂ් නම් කාන්තාවක් විසින් බෙටීගේ මේ තරු සිතියම අර්ථ නිරූපණය කිරීමට උත්සාහ කළ අතර, මේ ජීවීන් පැමිණියේ “සීටා රෙටිකුලි” (Zeta Reticuli) නම් තාරකා පද්ධතියෙන් බව ඇය නිගමනය කර ඇත.

කඳුකරය අනුස්මරණය කරමින් නිව් හැම්ෂයර් පෝර්ට්ස්මූත් හි සමරු ඵලකයක්

බෙටී සහ බාර්නි හිල්ගේ කතාව පිටසක්වලයින් පැහැර ගැනීමේ පළමු කතාව නොවූවත්, ඒවා ඉතාමත් හොඳින් ලේඛනගත කර ඇති අතර, තර්කානුකුල බැවින් වැඩිය. මෙම සිදුවීමෙන් පසුව, බෙටී සහ හිල් සිය ජීවිත කාලය පුරාම UFO පිළිබඳ පර්යේෂණ කරමින් සිට ඇති අතර, මේ හිල් යුවල පිළිබඳ කතාව, ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ වූ පිටසක්වල හමු වීමක් බවට පත්විය.

මේ හිල් යුවලගේ අත්දැකීමට පෙර, පිටසක්වල ජීවීන් යනු, පෘථිවිය සහ ඔවුන්ගේ ග්‍රහලෝක අතර එහා මෙහා ගමන් කරන මිත්‍රශීලී ජීවීන් ලෙස සමාජය හදුන්වා ගෙන තිබුණි. කෙසේ වෙතත්, හිල් යුවල ඔවුන්ගේ කතාව බෙදාගැනීමෙන් පසු, පිටසක්වල ජීවින් සම්බන්ද සිදුවීම්, ඔවුන්ගේ අභිරහස් පැහැරගැනීම් සදහා වඩාත් ප්‍රසිද්ධ විය. X-Files වැනි පිටසක්වල චිත්‍රපට සහ විද්‍යා ප්‍රබන්ධ නවකතා වලට, වෛද්‍ය පරීක්‍ෂණ සහ අමතක වූ කාලය වැනි සංකල්පයන් ඇතුළත් වීමට පටන් ගැනීම, මෙයට කදිම නිදසුනකි. අද වන විට හිල් යුවලම මියගොස් ඇතත්, ඔවුන්ගේ උරුමය සහ 1961දී ධවල කඳුකරයේ සිදු වූ මේ සිදුවීම් පෙළ, ලෝකයාට අමතක වී ගොස් නැත. (Astrolearn)

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleපුනරුත්ථාපන පනත් කෙටුම්පත පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය දැනුම් දෙයි
Next Article ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ සිය ස්ථානය තහවුරු කරගනියි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.