අන්තිම කැමති පත්‍රය අත්සන් කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අද (19) දින සංශෝධන පනත් කෙටුම්පත් 5ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත්කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අත්සන් කරන ක්‍රමවේදය හඳුන්වාදීමටයි තීරණය කර තිබෙන්නේ.