Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, June 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඔසු ගුණ රාශියකින් පරිපූර්ණ කපු
Medical 43 Views

ඔසු ගුණ රාශියකින් පරිපූර්ණ කපු

Buzzer EditorBy Buzzer EditorOctober 16, 2022No Comments5 Mins Read43 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

හින්දු භක්තිකයන් විසින් උද්‍යාන කර්පාස සහ දේව කර්පාස නමින් හදුන්වනු ලබන රතු පැහැ මල් ඇති කපු ගස සහ කළු පැහැයට හුරු මලක් ඇති කාලාංජනී වශයෙන් ඉන්දියාවේ විවිධ කපු වර්ග දක්නට ඇතත් ඒ සෑම කපු වර්ගයක්ම ගුණයෙන් සමානය.

මෙවන් වූ ප්‍රයෝජන රාශියක් ලබා දෙන කපු ගස පිළිබදව බොහෝ දෙනා හොඳින් හඳුන්වනු ලැබුවද තවත් සමහරු තුළ ඇත්තේ අල්ප දැනුමකි. වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන් අරාබියට හා ආසියාවේ කුඩා කොටසකට ආවේණික විය හැක. සෑම ඝර්ම කලාපීය රටකම පාහේ වගා කර ඇත. මිසරය ආදී රටවල විශේෂයෙන් දක්නට ලැබේ. දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ අතරමැදි හා වියළි කලාපීය ගෙවතු හා හේන්වල වගා කෙරේ. මාවත් දෙපස හා අත්හැර දැමූ ඉඩම් වලද වැඩෙනු දැකිය හැකිය. මෙ අතර පේරාදෙණිය උද්භිද උද්‍යානය හා නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ ඔසු උයනේද දැකිය හැකිය.

කපු ශාකයේ ස්වරූපය

කුඩා පඳුරක් ලෙස වැවෙන මෙම ශාකය අඩි 10-12ක් පමණ උසින් යුතුය. මෙහි පත්‍ර එරඩු කොළවලට සමානව කැබලි තුනක ආකාරයෙන් පිහිටයි. මෙහි හටගනු ලබන මල් කහ පැහැති වන අතර ශීත කාලයේදී හටගනු ලබයි. මේ අතර ග්‍රීෂ්ම කාලයේදි ගෙඩි හටගනියි. මෙම ගෙඩි තුළ කුටීර 3-4 ක් පමණ ඇත. මෙහි ඇති බීජ විශාලය. එසේම මෙම ගෙඩිවල බොහෝ සෙයින් සුදු පැහැති පුළුන් දක්නට ඇත.

  • විද්‍යාත්මක නම: Gossypium arboreum
  • පවුල: MALVACEAE (කාර්පාස)
  • සමාන පද: තුණ්ඩි කේරි, සමුද්‍රාන්තා, කාර්පාසි, කාර්පාස, තුණ්ඩි, බදර, පිචු, පටංපටී, නිවානත්තා, සුත්‍රපුෂ්පිකා, බදරි, වව්‍යා, මහාශනං, නග්නජිත්, වමනි, මරුද්හවා, ගණකණ්ඨක, සාරිනී, ස්ථුලා, ත්‍රිපර්ණී
  • පොදු සිංහල නම – කපු වන අතර
  • ඉංග්‍රීසි නම: Common cotton, Indian cotton
  • දෙමළ නම: කාර්පාසම්, පංශු

ඖෂධීය අංග – මුල් ගෙඩි, කොළ ඇට, මල් සහ කපු පුළුන් කපු වල අඩංගු රසායනික උපාදාන ඇටවල සියයට 10-9 ක ප්‍රමාණයක් කහ පාට තෛලයක්ද හා ඇල්බියුමින්නොයිඩ්ද සියයට 10-15 ක ප්‍රමාණයක් ලිග්නීන්ද ඇත. එසේම අන්‍ය නේත්‍රචන පදාර්ථ සියයට 18-25 ප්‍රමාණයක් ද වේ.

කපු ඇට

කපුවල ඖෂධීය ගුණකර්ම සැලකීමේදී රසයෙන් මධුර හා කෂාය වන අතර ගුණයෙන් ලඝූ හා ස්නිග්ධ වේ. වීර්‍යයෙන් මද වශයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් මධුර වේ.

දෝෂ අනුව සැලකීමේ දී මෙය මධුර හා ස්නිග්ධ නිසා වාත සමන හා සෙම් වර්ධක යන ක්‍රියා දෙකද උෂ්ණ හේතුවෙන් පිත්ත වර්ධකද වේ. මෙනිසා මෙය වාත රෝග සඳහා බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබයි.

ශාරීරික ව්‍යූහාගත ක්‍රියා බාහිර වශයෙන් මෙය වේදනා ස්ථාපන හා වුණ රෝපණ ගුණ යුතු වන අතර ඉදිමුම් වේදනා සහිත ආබාධ විෂ, ගින්නෙන් පිළිස්සීම්, වණ, තුවාල ආදියේදී කපු ඇට වලින් සකස් කළ ආලේපය යොදනු ලැබේ. සන්ධිවාත, හිසරදය, ආදියේදී කපු ඇට වල තෙල අභ්‍යංගව යොදනු ලබයි. වණ තුවාල ආදියේදී කපු පුළුන් දවා ගත් අළු ඉසිනු ලැබේ. කන් රෝග වලදී කපු කොළ යුෂ කනට හෙළනු ලබයි.

අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යූහාවේදී කපු ඇට මද ස්නායු පද්ධතියේදී පෞෂ්ටික ගුණ ඇත. මල් උත්තේජක හා සෞමනස්‍යජනක වේ. මේ නිසා නාඩි ව්‍යූහාවේ දුබලතාව අනුව උපදනා උන්මාද, අපස්මාර ආදී රෝග වලදී ඇටවළමදද,මානසික රෝග (ඩ්රනධජඩධදඤපතචඵඪඵ) වලදී කපුමල්වලින් සකස් කළ සිරප් ප්‍රයෝග කරයි. ආහාර ජීරණ පද්ධතියේදී කපු ඇට මද ස්නේහනද සුසංනද වේ. පත්‍ර ස්වරසය පිච්ඡිලය මල් අක්මා උත්තේජකය මෙනිසා මළ බද්ධයේදී කපු ඇට ප්‍රයෝගයද ආම අතීසාරයේදී ලා කපු කොළ ස්වරසයද ප්‍රවේහිකාවේදී පත්‍ර ස්වරසයද අක්මා ආබාධ හා කාමළා ආදියේදී මල් වලින් කළ පානයද යෙදිය හැකිය.

ප්‍රජනන ව්‍යූහාවේදී

කපු මුලේ පොත්ත ගර්භාශ සංකෝචනද ආර්තවජනකධ වේ. මෙහි ක්‍රියාව අර්ගට් වල ක්‍රියාවට සමාන වේ. කපු ඇට මද වෘෂ්‍ය හා ස්තන්‍ය ජනක වේ. වේදනාකාරී ඔසප්වීම් හා ඔසප් නොවීම් වලදී කපු මුලේ පොත්තෙන් කළ චූර්ණය හෝ ක්වාථය හෝ යොදනු ලබයි. එම ක්වාථයට කළු දුරු සතකුප්ප හා පැරණි උක්හකුරු, ආදිය ඇතුළත් කළ හොත් එය වඩාත් හොඳින් ක්‍රියාකරනු ලබයි. ප්‍රසවයේදී වැදෑමහ වැටීමෙන් පසු මෙම ක්චාථය යෙදීමේදී ගර්භාශය හොඳින් හැකිළී ලේ යාම නතරවී උණ ආදී උපද්‍රව හට ගැනීමද වැළකී යයි. සාමාන්‍යයෙන් පැයක් ඇතුළත මෙහි ප්‍රභාවය දැකිය හැකිය. මෙහි අධික මාත්‍රාව ගර්පාතයට හේතුවෙයි. කපු ඇටවල මදය මව්කිරි වැඩීමට හා ලිංගික දුබලතා දුරු කරලීමට යොදනු ලබයි. ශ්වේත ප්‍රදරයේදී කපු මුලේ පොත්ත හාල් පානු වතුරෙන් දිය හැකිය.

මුත්‍ර ව්‍යූහාවේදී

කපු ඇට හා කොළ මුත්‍රජනක වේ. එ නිසා කපු ඇට චූරණය හා පත්‍ර ස්වරය මුත්‍ර කෘච්ඡයේදී ප්‍රයෝග කරයි. මේ අතර කපු ඇට විෂමජ්වර නාශක වන අතර කපු ඇට පාණ්ඨය ශීත ජ්වරයේදී හා උණ ඒමට පෙර යෙදිය හැකිය. තවද කපු ඇට බලකාරක හා විස නසන ගුණ යුතු අතර කපු කොළ ලේ වඩයි. මල් විෂ නසයි. මෙනිසා සාමාන්‍ය දුබලතා සඳහා කපු ඇට ප්‍රයෝජනය ඉතා සුදුසු වේ. එසේම කපු කොළ යුෂය පාණ්ඩුවේදී යොදයි. සර්ප විසේදී කපු ඇටවල මදයද , අත්තන විසේදී මල් පාඨයද එසේම බීජ පාණ්ඩයේද යොදනු ලබයි.

කපු අඩංගු ඖෂධ යෝග – ප්‍රදරයට හා පාණ්ඩුවට කපු මුල් හාල් පානු වතුරෙන් අඹරා බීමට දෙනු ලබයි.

ගෝනුසු දෂ්ටයට – කපු ගෙඩි අඹරා ආලේප කරයි. කුෂ්ටයට – කපු ගස්පොතු හා මල් අඹරාගනු ලබයි. මවුකිරි වැඩීමට – වල් කපු මුල්, උක්මුල්, දෙවර්ගය ගෙඩියෙන් අඹරා බීමට දෙනු ලබයි. කපාළ කුෂ්ටයට – කපුගසේ පාචාංගය කෂාය කර පෙරා එයට තක්‍රාම්ල හා තලතෙල් යොදා සිදගත් තෛල ගානු ලබයි.

ඉදිමුමට – වියළි ගෙඩි සහිත කපු ගසක් ගෙන කපා කොටා වියලා දමා පිළියෙල කරගත් කර්භාස භෂ්මය ඇල්හාලින් තල කිරිබත් සමඟ ගැනීම ගුණදායකය. අපචියට – වල් කපු මුල්, පිටි කොටා හාල්පිටි සමඟ මිශ්‍ර කර ගිතෙලින් අනා තනාගත් කැවිලි ආහාරයට ගැනීම ඉතා සුදුසුය. කර්ණ ස්‍රාවයට – හල් පොතු, කපු ගෙඩි දෙවගයට කොටා මිරිකා යුෂ ගෙන මී පැණි මිශ්‍ර කර කනට හෙලනු ලබයි.

මේ ආදී ඖෂධ යෝග රාශියක් කපු අඩංගුව රෝගාබාධ රැසකට යොදනු ලබයි. මේ ආදී ඖෂධ යෝග රාශියක් කපු අඩංගුව රෝගාබාධ රැසකට යොදනු ලබයි. කපු වල ඖෂධීය මාත්‍රා – මුලේ පොතු කල්කය රක්තියා 18-30 දක්වා පත්‍ර ස්වරසය කොළා 1-2 දක්වා කපු අඩංගු සංස්කාරික ඖෂධ කර්පාසාදී තෛලය, කර්පාසාදී ස්වේදසය, කර්පාසාදී ප්‍රෙලේපය, කපු කොළ බිස්නය ආදී වේ.

මේ අතර කපු නූල් හා පුළුං වුණ බන්ධනය තුවාල, ශල්‍යකර්ම සඳහා යෙදේ. මේ අතර අර්ශස් සඳහා ගනු ලබනුයේද කපු නූල් වේ. මේ අතර කපු පුළුං දවාගත් අළු තුවාල ආදියේදී ප්‍රයෝග කරලනු ලබයි. තවද පැරණි දේශීය වෛද්‍යවරුන් පිරිමින්ගේ වදභාවය පරික්ෂාකරලීම සඳහා කරනු ලබන්නේ කපු ඇට පොළොවේ වළලා උදෑසන පළමුව පිටකරන මුත්‍ර සිසිල් වූ පසු ඵ් මත වගුරයි. මෙසේ දින 3ක් කර අවසානයේදී පළමු සතිය තුළ ඵ්වා පැළවේ නම් පිරිමියා දරුඵල ඇති කිරීමේ සමත් නොවන බව දක්වයි. මේ ආදී වශයෙන් කපු යනු ඖෂධීය වශයෙන් අතිශය වැදගත් ශාකයක් ලෙස හැදින්විය හැකියි.

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන මහතාගේ සටහනක් ඇසුරිණි.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (ඔක්තෝබර් 16)
Next Article නැමීබියාවට ඓතිහාසික ජයක්
Buzzer Editor
  • Facebook

Related Posts

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

June 16, 2026

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 16, 20262 Views

අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී

By Buzzer EditorialJune 16, 202602 Views

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මුවාවෙන් දේශපාලන පක්ෂ නායකයින් සහ දේශපාලන ක්‍රියාකාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස…

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා

June 16, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

June 16, 2026

දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී

June 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අධිකරණ අපහාස මුවාවෙන් පක්ෂ නායකයින් දඩයම් කිරීමේ උත්සාහය ‘ෆ්‍රී ලෝයර්ස්’ දැඩිව හෙළාදකී
  • යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03වෙනිදා
  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
  • දුම්රිය ගමන් වාර 420 සිට 200ට බහී
  • ඉරාන ගිවිසුමේ විස්තර ඉක්මනින්ම ප්‍රකාශ කරන බව ට්‍රම්ප් කියයි
  • ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා දැනුම්දීමක්
  • යෝෂිත අභියාචනාධිකරණයට
  • ධිවේගයේ ආසන පටි නීතිය 20වෙනිදා සිට බලාත්මක කෙරේ
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.