අද (05) සිට ක්රියාත්මක වන පරිදි දුරකථන සමාගම් සිය ගාස්තු නැවත වරක් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
මෙම මස සිට 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ.
ඒ අනුව අද සිට පෙරගෙවුම් රීලෝඩ් පැකේජද වෙනස් වන අතර, නව ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඩයලොග්: https://dlg.dialog.lk/revision
මොබිටෙල්: https://www.mobitel.lk/Price-Revisions-October-2022
එයාර් ටෙල්: https://www.airtel.lk/price-change/