Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » සෞභාග්‍යයෙන් පිරි නිවහනක් සඳහා වාස්තුදෝෂ නිවැරදි කර ගැනීමට උපදෙස්
Blog 48 Views

සෞභාග්‍යයෙන් පිරි නිවහනක් සඳහා වාස්තුදෝෂ නිවැරදි කර ගැනීමට උපදෙස්

Buzzer EditorBy Buzzer EditorSeptember 29, 2022Updated:September 29, 2022No Comments8 Mins Read48 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉහත දක්වන ලද වාස්තු දෝෂ මඟහරවා ගනිමින් සහනයක් ලබාගැනීම සඳහා නිවෙසකට අදාළ මූලික අංග ස්ථානගත කිරීමට මඟපෙන්වීමක් පහත දැක්වේ. මෙවැනි වාස්තු දෝෂ ඔබගේ නිවසේ ද පවතී නම් ඒවා නිවැරැදි කර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රම භාවිතා කළ හැකි ය. කෙසේ වෙතත් මෙවැනි කාර්යයන් වලදී ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකුගේ සේවය ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

වාස්තු විද්‍යාව නිර්මාණය වී ඇත්තේ විද්‍යාව, කලාව සහ ඡ්‍යොතිෂය යන ක්ෂේත්‍රවල ප්‍රශස්ත සුසංයෝගයකිනි. එසේම එහි අරමුණ වන්නේ මිනිසාට සුරක්ෂිත සෞභාග්‍යමත් මෙන්ම නිරෝගි දිවිපෙවෙතකට ගැළපෙන නිවහනක් සාදා ගැනීමට මඟ පෙන්වීමයි.

ඡ්‍යොතිෂයට අනුව වාස්තු විද්‍යාව යන්න ආපෝ, තේජෝ, වායෝ, පඨවි සහ ආකාශ යන පංච මහ බලවේගවල සම්මිශ්‍රණයෙන් බිහිවී ඇති මිනිසාට ශාරීරික සහ මානසික සුවතාවය ලබාදෙන සමබර වූ පරිසරයක් නිර්මාණය කර ගැනීමට ළඟා කර දෙයි. එම නිසාම නිවසක් සෑදීමේ දී වාස්තු විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීම තුළින් සෑම පවුලකටම ප්‍රගතිගාමී සහ යහපත් දිවි පෙවෙතක් ලබාගත හැකි වේ. එවැනි නිවෙසක ශි‍්‍රයා කාන්තාව වෙසෙන බව කවුරුත් දන්නා දෙයකි. නියමිත පරිදි වාස්තු විද්‍යාත්මක ක්‍රම යටතේ ඉදිකළ නිවසක් තුළට විශ්ව චුම්භක ශක්තිය නිරතුරුවම ලැබීම මීට ප්‍රධාන හේතුවයි.

විශේෂයෙන් නිවසක සැලැස්මක් සකස්කිරීමේ දී නිවසට අදාළ සෑම අංගයක්ම වාස්තු විද්‍යානුකූලව නිශ්චිත ලෙස දිශානුගතකිරීමට ප්‍රධාන තැනක් හිමි වේ. සැලැස්ම තුළින් මෙන්ම එහි ත්‍රිමාණ දර්ශන සහ ප්‍රක්ෂේපණයන් තුළින් කිසියම් ආකර්ෂණීය බවක් දැකිය හැකි වුවත් අදාළ සැලැස්ම වාස්තු විද්‍යාත්මක රීතීන් වලට අනුකූල නොවන්නේ නම් ඔබට විවිධ කරදර බාධක සහ රෝගාබාධවලට මුහුණදීමට සිදුවන බව පැහැදිලි කර දීමත් ඒ සඳහා සුදුසු විසඳුම් පෙන්වා දීමත් මෙම ලිපියේ අරමුණ වේ.

1. නිවසක උතුරු දිශාව බෙහෙවින් වැදගත් වන අතර, ඡ්‍යොතිෂයට අනුව උතුරු දිශාවට අධිපති හෝ එහි භාරකරු වන්නේ කුවේරයාය. වාස්තු විද්‍යාවට අනුව නිවසක උතුරු දිශාවෙන් නියෝජනය වන්නේ එහි නිවැසියන්ගේ මූල්‍ය සම්පත් හෝ ධන සම්පත් ය. විශේෂයෙන් ධනෝපායන රැකියා සහ ව්‍යාපාරික කටයුතු මෙන්ම ජීවනෝපායට අදාළ සියලුම කටයුතු මීට අයත් වේ. යම් හෙයකින් නිවසේ උතුරු දිශානුගතව වාස්තු දෝෂ පවතින විට ඉහත දක්වන ලද ධනෝපායන මාර්ගවල අනපේක්ෂිත ගැටලු ඇතිවිය හැකි ය. නිදසුනක් ලෙස ව්‍යාපාරික කටයුතු අසාර්ථක වීම,, ණය වීමට සිදුවීම, ණය හිමියන්ගෙන් කරදර ඇතිවීම, වියදම් පාලනයකින් තොරව ඉහළ යාම යනාදිය සිදුවිය හැකි ය. මෙවැනි වාස්තු දෝෂ ඇතිවන්නේ නිවසෙහි උතුරු දිශාභිමුඛව කුණු කසළ ගොඩගැසීම, නාන කාමර තිබීම සහ මුළුතැන්ගෙය පැවතීම මෙන්ම උතුරු දිශානුගතව තවදුරටත් ගොඩනැගිලි දිගු යනාදිය පැවතීම නිසා ය. මෙවැනි කටයුතු නිසා උතුරින් නිවසට ඇතුළුවන ස්වභාවික ධනාත්මක සහ ශුභ ජීව ශක්තියට බාධා ඇතිවන බව සලකන්න.

2. නිවසක නැඟෙනහිර දිශාව අයත්වන්නේ ඉන්ද්‍ර දෙවිඳුන් හට වන අතර, නිවසක එම දිශාවෙන් කියවෙන්නේ නිවැසියන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයයි. මෙම දිශාභි මුකව පියගැටපෙළ, නාන කාමර, මුළුතැන් ගෙවල්, උස් බැමි යනාදිය පවතින විට ඉහත දැක්වූ පරිදි විශ්ව සහ ජෛව බලවේගවල ආගමනයට බාධා සිදුවීමෙන් නිවැසියන්ගේ යහපත් පැවැත්මට අහිතකර වූ සෘණාත්මක බලපෑම් වර්ධනය වී විවිධ රෝගාබාධ ඇතිවිය හැකි ය. සමහරවිට හඳුනාගැනීමට පවා අපහසු සුව වීමට දිගුකලක් ගතවන රෝග ඇතිවිය හැකි ය. මේ නිසාම නිවසක නැඟෙනහිර දිශාව ආකර්ශනීය ලෙස පිරිසුදුව තබා ගැනීමෙන් ආරෝග්‍ය සම්පත ළඟා කර ගත හැකි වේ.

3. නිවසක බටහිර දිශාව වරුණ දෙවිඳුන්ට අයත්වන අතර, එම දිශාවෙන් කියවෙන්නේ නිවැසි පවුලේ ස්ථාවරත්වය නැත්නම් තිරස්ථිතියයි. වරුණ යනු වර්ෂාවට මෙන්ම යමෙකුගේ දෛවය සහ යසස හෝ කීර්තිය කෙරෙහි බලපාන දෙවියන් වේ. යම් හෙයකින් නිවසේ බටහිර දිශානුගතව වාස්තු දෝෂ පැවතුණහොත් ඉහත දක්වන ලද කරුණුවල අශුභ හෝ සෘණාත්මක බලපෑම් ඇතිවිය හැකි ය. අනෙක් අතට බටහිර දිශාව ශනි ග්‍රහයාට අයත්වන අතර එම දිශාභිමුඛව නිවසෙහි පුළුල් විවෘත ස්ථාන තබා ගැනීමද සුදුසු නැත.

4. නිවසක දකුණු දිශාවට යම දෙවි අධිපතිත්වය දරන අතර, එය කුජ ග්‍රහයාට අයත් වේ. වාස්තු විද්‍යාවට අනුව දකුණු දිශානුගතව නිවෙසක පූතික ටැංකිය සහ කෑම කාමරය දකුණු දිශානුගතව පිහිටීම වාස්තු දෝෂ ඇතිවීමට හේතුවන අතර, මේ නිසා ඇතිවන සෘණාත්මක බලවේග වල ප්‍රතිඵලයක් වශයෙන් නිවැසියන් හට විවිධ ආරවුල්, නීතිමය ගැටලු, රැකියා අහිමිවීම මෙන්ම නින්දා අපහාසවලට පවා මුහුණ දීමට සිදුවේ. සමහර විට අක්ෂි ආබාධ ඇතිවීමට ද ඉඩ ඇත.

5. ඊශාන දිශාව ගුරු ග්‍රහයාට අයත්වන අතර, ශිව දෙවි එහි අධිපතිත්වය දරයි. එම දිශාවෙන් නියෝජනය වන්නේ නිවැසියන්ගේ භාග්‍ය සහ වාසනාවයි. මේ අනුව ඊසාන දිශාභිමුඛව කිසියම් වාස්තු දෝෂයක් පැවතුණහොත් එහි ප්‍රතිඵලයක් ලෙස නිවැසියන්ගේ වාසනාව සහ භාග්‍ය අහිමිවන අතර, බොහෝවිට පවුල් ආරවුල්, අනතුරු ඇතිවීම මෙන්ම සමහර විට ශල්‍යකර්මවලට පවා මුහුණ දීමට සිදුවිය හැකි ය. මෙලෙසින් ඊශාන දිශාවේ වාස්තුදෝෂ ඇතිවීමට ඊශාන දිශානුගතව පිහිටා ඇති මුළුතැන්ගෙය, නාන කාමර, වතුර ටැංකි ගබඩා කාමර යනාදිය හේතුවන අතර එමඟින් අශුභදායක සෘණාත්මක බලවේග නිර්මාණය කරයි. මේ නිසාම ඉහත දක්වන ලද අංශවල වෙනසක් කළයුතු වේ.

6. වයඹ දිශාව සඳු ග්‍රහයාට අයත්වන අතර, වායුදේව මෙම දිශාවට අධිපතිත්වය දරයි. මෙම දිශාවෙන් නිවැසියන්ගේ මානසික තත්ත්වය සොම්නස, දොම්නස, පී‍්‍රතිය, දුක යනාදිය නියෝජනය කරන අතර වයඹ දිශානුගතව වාස්තු දෝෂ පවතින විට ඇතිවන අශුභ සහ සෘණාත්මක බලපෑම් හේතුකොටගෙන නිවැසියන් නිරතුරුවම මානසික අසහනකාරීත්වයෙන් පෙළෙන අතර, සමහරවිට මෙම තත්ත්වය මානසික ආබාධ දක්වා වර්ධනය විය හැකි ය. එසේම හෘදයාබාධ වැනි රෝග ද නීතිමය ගැටලු ද ඇතිවිය හැකිය. මෙලෙසින් වයඹ දිශාවේ වාස්තුදෝෂ ඇතිවන්නේ එම දිශානුගතව මුළුතැන්ගෙවල් භූගත ජල ටැංකි සහ පූජනීය ස්ථාන පවතින විටය. මෙවැනි දෑ මඟහරවාගෙන නිවස ඉදිකිරීමට සැලකිලිමත් විය යුතු වේ.

7. ගිනිකොන දිශාවට අග්නි දේව අධිපතිත්වය දරන අතර, මෙම දිශාව සිකුරු ග්‍රහයාට අයත් වේ. වාස්තු ශාස්ත්‍රයට අනුව මෙම දිශාවේ නීර්ති නම් යක්ෂයාද සිටි මෙම දිශාවෙන් නිවැසියන්ගේ ධනය, බලය, කීර්තිය, නිරෝගිබව මෙන්ම පවුලේ ස්ථාවරත්වය නියෝජනය කරයි යම් හෙයකින් මෙම දිශාවේ වාස්තු දෝෂ පැවතුණහොත් ක්‍රියාත්මකවන අයහපත් චුම්භකත්ව ශක්තින් හේතු කොටගෙන නිවැසියන් හට විවිධ රෝගාබාධ වැළඳෙන අතර, විශේෂයෙන් කාංසාව විෂාදය වැනි මානසික රෝගාබාධ ඇතිවිය හැකි අතර, සියදිවිනසා ගැනීම් යනාදියට ඉඩ ඇත. මෙලෙසින් වාස්තු දෝෂ ඇතිවන්නේ එම දිශානුගතව ප්‍රධාන දොරටු, ළිඳ, වැසිකිළි වළවල් යනාදිය පිහිටි විට ය.

8. නිරිත දිශාවට ශිව දෙවි අධිපතිත්වය දරන අතර, එය රාහු ග්‍රහයාට අයත් වේ. මෙම දිශාවෙන් නිවැසියන්ගේ පුද්ගලික සබඳතා නියෝජනය වේ. නිරිත දිශානුගතව වාස්තු දෝෂ පවතින විට මුදල් හානි අනවශ්‍ය ණය ගැනීම් සිදුවිය හැකි අතර, විශේෂයෙන් සැමියා සහ බිරිඳ අතර, නිරතුරුවම අඬ දබර මත ගැටුම් මෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයන් වර්ධනය විය හැකි ය. මෙලෙසින් වාස්තු දෝෂ ඇතිවන්නේ නිරිත දිශානුගතව ජල ටැංකි, පූජනීය ස්ථාන, මුළුතැන්ගෙය සහ පතුල් මාලය යනාදිය පවතින විටය. මේ නිසා එවැනි දෑ වෙනස් කිරීමෙන් සහනයක් ලැබිය හැකි වේ.

ඉහත දක්වන ලද වාස්තු දෝෂ මඟහරවා ගනිමින් සහනයක් ලබාගැනීම සඳහා නිවෙසකට අදාළ මූලික අංග ස්ථානගත කිරීමට මඟපෙන්වීමක් පහත දැක්වේ. මෙවැනි වාස්තු දෝෂ ඔබගේ නිවසේ ද පවතී නම් ඒවා නිවැරැදි කර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රම භාවිතා කළ හැකි ය. කෙසේ වෙතත් මෙවැනි කාර්යයන් වලදී ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියකුගේ සේවය ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

නිවසක වාස්තු දෝෂ නිවැරදි කරගැනීම සඳහා උපදෙස් පහත දැක්වේ.

1. උතුරු දිශාව –

නිදන කාමර, අභ්‍යන්තර පියගැටපෙළ, ගබඩා කාමර, අතිරේක කාමර

2. දකුණු දිශාව –

නිදන කාමර, අභ්‍යන්තර පියගැටපෙළ, ගබඩා කාමර, අතිරේක කාමර

3. බටහිර දිශාව –

කෑම කාමරය, ජල ටැංකිය, ළමයින්ගේ නිදන කාමර

4. නැඟෙනහිර දිශාව –

වැඩි වශයෙන් විවෘත කොටස් තිබිය යුතු ය, නාන කාමර, අමුත්තන්ගේ කාමරය, සාලය

5. වයඹ දිශාව –

වැසිකිළි, වැඩිහිටියන්ගේ කාමර, වාහන අංගනය, පූතික ටැංකි, ඇඳුම් සෝදන ස්ථානය

6. ගිනිකොන දිශාව –

මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය, විදුලි මීටර යනාදිය, ඉන්ධන උපකරණ සහ ආයුධ ගබඩා

7. නිරිත දිශාව –

ප්‍රධාන නිදන කාමරය, අල්මාරි යනාදිය, ඩ්‍රසින් ඒරියා, මුදල් සහ ආභරණ සේප්පු යනාදිය.

8. ඊශාන දිශාව –

ප්‍රවේශ දොරටුව, පූජනීය ස්ථාන (බුදු කුටිය), වාහන අංගනය, බැල්කනි, භූගත ජල ටැංකි

විවාහ ජීවිතයට ශුභදායක වන ආකාරයට ජීවත්වන ගෘහයේ නිදන කාමරයේ ඇතුළත සකස් කර ගත යුතු ආකාරය පහත දැක්වේ.

කිසියම් විවාහයක දිගුකාලීන සහ යහපත් පැවැත්මට අඹු සැමියන්ගේ ජන්ම පත්‍රවල පවතින ග්‍රහ පිහිටීම් මෙන්ම ඔවුන් ජීවත්වන නිවස සහ එහි වටපිටාව ද ඝෘජු ලෙස බලපාන බව ඡ්‍යොතිෂයෙහි සඳහන් වේ. අඹු සැමියන්ගේ එකතුවීමේ කේන්ද්‍රස්ථානය ලෙස සළකන්නේ නිදන කාමරයයි. මේ නිසාම විවාහ ජීවිතයේ දී නිදන කාමරයට සුවිශේෂී තැනක් හිමිවේ. විශේෂයෙන් සෙනහසින් පිරි පී‍්‍රතිමත් විවාහ ජීවිතයකට මෙන්ම භේද බින්න වී ගැටලු සහිතව ඉදිරියට යන විවාහ ජීවිතවලට සහ කෙටි කලකින් දික්කසාදවී වෙන්වෙන විවාහ ජීවිතවලට ද නිවසේ සහ නිදන කාමරයේ ඇති වාස්තු දෝෂ බලපාන බව ඡ්‍යොතිෂයෙහි විස්තරාත්මකව දැක්වේ. එම විස්තර වල වැඩිදුරටත් සඳහන් වන්නේ නිදන කාමරයෙහි ඇතුළත මෙන්ම එය අවට ඇති ස්වභාවික විශ්ව ශක්තිය අඹු සැමියන්ගේ බැඳීම සමඟ සම්බන්ධ ජීවන ගමනේ දෛවෝපගත සිදුවීම් තීරණය කරන බවයි. පහත දක්වා ඇත්තේ වාස්තු දෝෂ අවම වන ආකාරයට නිදන කාමරය සකස් කරගන්නා ආකාරයයි.

1. නිදන ඇඳ ඊශාන දිග හෝ උතුරු දිශානුගතව ස්ථානගත කළයුතු අතර, මෙමඟින් අඹු සැමියන්ගේ චිත්ත වේගයන්හි පවතින කම්පන මෙන්ම ඔවුන් අවට පවතින ශක්තිය සකී‍්‍රය වී ධනාත්මක වෙමින් ආතතියෙන් තොර සරාගී සහ සෘංගාරාත්මකව එකතුවන ජීවිතයකට මඟපාදයි.

2. කිසිවිටෙකත් රූපවාහිනි ලැප්ටොප් සහ අනෙකුත් පරිගණක නිදන කාමරයේ තබා ගැනීමෙන් වළකින්න. ඊට හේතුව මෙම උපකරණ මඟින් නිකුත්වන තරංග මඟින් ඉහත දක්වන ලද ස්වාභාවික ශක්තීන්වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන බැවිනි. මේ නිසා අඹු සැමියන් අතර වැරදි වටහා ගැනීම් මෙන්ම ගැටුම් සහ අඬ දබර ඇතිවිය හැකි ය.

3. නිදන ඇඳ, නිදන කාමරයට ඇතුළුවන දොරට මුහුණලා ස්ථානගත නොකළයුතු ය.

4. වඩාත් යෝග්‍ය වන්නේ අඹු සැමියන් එක් මෙට්ටයක නිදා ගැනීමයි.

5. අබලන්වී හෝ කැඩුණු ඇඳක නිදා ගැනීමෙන් වැළකිය යුතු අතර ඉරි පළු දු වී ගිය ඇඳ ඇතිරිලි භාවිතා නොකළ යුතු ය. ඊට හේතුවව සෘණාත්මක හෝ අශුභ ස්පන්දනයන් ඇතිවිය හැකි බැවිනි.

6. නිදන කාමරය තුළ ඡායාරූප එල්ලීම සුදුසු නොවන අතර, විශේෂයෙන් ආගමික හෝ දේව රූප එල්ලීමෙන් වළකින්න.

7. විවිධ ස්වභාවික මල්වර්ග, මල් පෝච්චි සහ පැළෑටි වර්ග නිදන කාමරයේ තබා ගැනීම සුදුසු නොවන අතර, කණ්ණාඩි මේස තබා ගැනීම ද එතරම් සුදුසු නැත.

8. නිදන කාමරයේ අඳුරු පැහැති තීන්ත වර්ග ආලේප නොකරන්න.

9. වයඹ දිශානු ගතව නිදන කාමරය පිහිටීමෙන් නීතිමය ගැටලුවලට මුහුණදීමට සිදුවෙන අතර, සමහර විට මානසික ආබාධ සහ උෂ්ණාධික රෝග ඇතිවීමට ද ඉඩ ඇත.

මනෝවිද්‍යා, ව්‍යාපාර සහ ඡ්‍යොතිෂ උපදේශක ටී.එම්. කුලරත්නගේ සටහනක් ඇසුරිණි.

blog featured Lifestyle pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleකොවිඩ් 19 තොරතුරු යාවත්කාලීන කිරීම – සැප්තැම්බර් 27 සහ 28
Next Article බුම්රා ගේ T20 ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 202610 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 2026010 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.