Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මොළයේ වර්ධනය හා ශරීර ශක්තිය ඇති කරන කොළ කැඳ
Blog 67 Views

මොළයේ වර්ධනය හා ශරීර ශක්තිය ඇති කරන කොළ කැඳ

Buzzer EditorBy Buzzer EditorSeptember 22, 2022No Comments4 Mins Read67 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරටට ඒමට පෙර දිවයින පුරා සෑම නගරයකමත් ගමකත් මෙන්ම සංචාරක හෝටල්වල මෙන්ම ප්‍රසිද්ධ ස්ථානවලත් කොළකැඳ අලෙවිය බෙහෙවින් පැවතින. ලොකු කුඩා සැම කෙනෙක්ම කොළ කැඳ කෝප්පයක රස බැලීමට පුරුදු වූයේ පවතින ගුණාත්මක භාවයට වඩා එකිනෙකට වෙනස්ව පැවැති රසයේ හා සුවඳවත්, බවේ ලැදි බවටයි මේ නිසා සමහරු දිනපතාම කොළකැඳ බීමට පුරුදුව සිටි අතර, තවත් සමහරු නිවාඩු දිනවලදී තම නිවෙස්වල කොළකැඳ සාදා දරුවන්ට ද ලබාදීමට පියවර ගත්හ.

ඒ කොයි හැටි වෙතත් කොළ කැඳ බීමෙන් සිරුරේ උෂ්ණත්වය හා රෝගී තත්ත්වයන් පහව ගොස් සෞඛ්‍යා ආරක්ෂාව ඇතිවන බව දැන සිටියහ. ආයුර්වේදයේ කැඳවලට යවාගු යන වචනය භාවිතා කරයි. කොළ කැඳ පානය කිරීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, කැල්සියම්, මේදය, කාබෝහයිඩ්‍රේට් , යකඩ ආදී විටමින් වර්ග නොඅඩුව ලැබේ.

ගොටුකොළ

බුද්ධිවර්ධක ඖෂධයක් වන ගොටුකොළ කැඳ පානය කිරීමෙන් ස්මරණ ශක්තිය වර්ධනය වේ. යකඩ බහුලව ඇති අතර, අර්ශස් රෝගීන්ට ද ගුණදායකය. මතක ශක්තිය ඇතිකරලීමට හිසකෙස් රෝගවලට අක්ෂි රෝගවලට සමේ රෝගවලට ඇස් දැවිල්ලට මොළයේ දුර්වලතාවයන්ට කටතොල් පැලීමට, චර්ම රෝගවලට කිරිදෙන මව්වරුන්ගේ කිරි වර්ධනයට ගොටුකොළ වඩාත්ම ගුණදායකය.

මුකුණුවැන්න

ඇස් රෝග, ඇස් දැවිල්ල විස නාශක ආදී රෝග වලට මෙන්ම බඩගිනි වැඩිවීමට, සෙම් දෝසවලට, ලේ පිරිසුදුවීමට, කෙස් වර්ධනය වීමට විටමින් අඩුව පිරිමැසීමට මුකුණුවැන්න කැඳ ගුණදායකය. පොල්පලා මුත්‍ර දැවිල්ලට, මූත්‍ර රෝගවලට ශරීරයේ පවතින දැවිල්ලට, හෘද වේදනාවට ද ගුණදායකය.

රණවරා

මූත්‍ර දැවිල්ලට, වාත රක්තයට, ශරීරයේ පවතින උෂ්ණත්වයට, අක්මාව ආශි‍්‍රත රෝගවලට, ලිංගික දුබලතාවයන්ට, දියවැඩියාවට සෙම් රෝගවලට, මූත්‍ර දැවිල්ලට, පිත් රෝගවලට, ප්‍රමේහ රෝගවලට, සෙම් පිත් සමනය කිරීමේ ගුණයක් ඇති රණවරා සමේ පැහැපත් බව ද වර්ධනය කරයි.

කරපිංචා කැඳ

ශරීරගත විෂ නසාලන ගුණයක් කරපිංචා කැඳෙහි පවතී. කුසගින්න ඇති කරයි. මළපහ කිරීමේ අපහසුතා මග හරී. වාත හා සෙම් රෝග ඉවත් කරයි. බඩ පුරවා දැමීම වමනය පණු රෝග නසාලීමට ගුණවත් වේ. මේදය අඩුකරනු ලබන අතර, කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනයට මහඟු ඖෂධයකි.

හාතාවාරිය

ශරීරයේ උෂ්ණ සමනයට මුත්‍ර දැවිල්ලට මොළයේ දුබලතාවයන්ට අපස්මාරයට මව්කිරි වර්ධනයට, ගුණාත්මක ඖෂධීය කැඳකි. ගර්භණී මව්වරුන්ට හා කිරි දෙන මව්වරුන්ට ඉතාම ගුණදායකය. ධාතු ශක්තිය වර්ධනය කරයි. තරුණ බව රැකදෙයි. මූත්‍ර දැවිල්ලට ඇස් රෝගවලට මෙන්ම රත්පිත් රෝගවලටත්. කෝම රෝගයටත්, පාණ්ඩුවටත් මහඟු ඖෂධයකි. සිරුර පුෂ්ටිමත් වීමට දියවැඩියාවට මෙන්ම පීනසට ද ගුණදායකය. බඩගින්න සමනය කිරීමේ හා ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණයක් පවතී. රුධිරය පිරිසුදු කරන අතර, පිත ද සමනය කරයි.

පොල්පලා

මූත්‍ර දැවිල්ලට මෙන්ම මූත්‍ර රෝගවලටත් ශරීරයේ හටගන්නා දැවිලි වේදනාවලටත් කෑම රුචිය ඇතිවීමටත් පොල්පලා කැඳ ඉතාම ගුණවේ. මූත්‍රගල් දියකර හැරීමේ ගුණයක් ද පවතී. මලබද්ධයත් ඇති කරයි. වා. පිත් රෝගයන්ට විශේෂ ගුණයක් ලබාදෙයි.

ඉරමුසු

ඉරිමුසු කැඳ, හොරි දද, වන කුෂ්ඨ ආදී චර්ම රෝගවලට හොඳම ඖෂධයකි. ශරීරය පෝෂණය කර ධාතු ශක්තිය වර්ධනය කොට තරුණ බව රැක දෙයි. චර්ම රෝග නසා පිත් සමනය කරයි. මව් කිරි වඩවන ගර්භණී මවුවරුන්ට මෙන්ම කිරිදෙන මව්වරුන්ට ද ගුණදායකයි. මුත්‍ර දැවිල්ලට අතුල් පතුල් දැවිල්ල ගුණ වගේම ශරීර ගත ත්‍රිදෝෂය, භංගකර සුවය ලබා දෙයි.

නීරමුල්ලිය

මූත්‍රා රෝගීන්ට වඩාත්ම ගුණදායකය. ශරීර උෂ්ණත්වයට මූත්‍රා දැවිල්ලට වාත රක්තයට ලිංගික දුබලතාවයන්ට වකුගඩු රෝගවලට ඉතාම හොඳ ඖෂධයකි. වැල්පෙනෙල ශරීරගත දැවිල්ලට හෘදයේ පවතින වේදනාවට ධාතු දුර්වලත්වයට, සුද යෑමට, ස්නායු ආබාධවලට මෙන්ම දියවැඩියාවට ද ගුණදායකය. ශරීරයේ පවතින දුබලතා දුරු කරයි. තුනටියේ ඇතිවන වේදනාව අස්ථිවල ඇතිවන වේදනාව, අතීසාරයට පාචනයට හිසරදයට ආදී රෝග රැසකට ම ගුණදෙන මහඟු ඖෂධයකි වැල්පෙනෙල කැඳ.

කොහිළ කැඳ

අර්ශස් රෝගීන් සඳහා විශේෂයෙන් ලබා දෙන කොහිල කැඳ හැමටම එකසේ ගුණදෙන ඖෂධීය කැඳති. මලබද්ධයට සෙංගමාලයට රත්පිත් රෝගවලට දියවැඩියාවට ද දෙනු ලබන ඖෂධයකි. තුන්දොස් සමනය කිරීමේ බලයක් ඇති කොහිලවල කෙඳි අධිකව ඇති ආහාරයක් ද වේ. රුධිරයේ කොලෙස්ටරෝල් අධික අයටද ගුණදායක ය.

හීන්බෝවිටියා කැඳ

දියවැඩියා රෝගීන්ට විශේෂ ගුණයක් ලබා දෙනවා. පණු රෝග නසාලන අතර අක්මාවට ද ගුණවේ. සෙංගමාලයට ද ශරීරයේ අධික උෂ්ණත්වයටත් යහපත් වේ.

වැල්තිබ්බටු කොළකැඳ

කැස්ස,කක්කල්කැස්ස, කාසරෝගය, සෙමට ආහාර අජීර්ණයට ලේ පිරිසුදු වීමට වාතවේදනාවට පණුරෝගවලට හර්දයට විශේෂයෙන් ගුණවේ. කොළකැඳ සැදීමේදී සහල් හොඳින් තැම්බෙන විට සහල් පොඩිකර ගත යුතුයි. (මතගෑම) පසුව පොල්කිරි හා ලුණු අවශ්‍ය පමණට යොදා සකස් කරගත් කොළ යුෂ එක්කර ගත යුතුයි. ඒ සහල් තැම්බුණු පසු පොල්කිරිත් හොඳින් උණුවූ පසුය. එසේ කොළ යුෂ දැමූ පසු විනාඩියක් පමණ තිබෙන්නට හැර බාගත යුතුය. කොළ කැඳ සකස් කිරීමේදී මැටි බඳුන් යොදාගත යුතු අතර, මඳ රශ්නයෙන් පානය කිරීම ගුණදායකය. දෙතුන්වරක් රත්කර බීම සුදුසු නැත.

ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි හා එස්.එස්.එස්. ප්‍රනාන්දුගේ සටහනක් ඇසුරිණි.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඇමෙරිකානු හිටපු ජනපති ට්‍රම්ප්ට නඩුවක්
Next Article පළමු ඉල්මනයිට් තොගය චීනයට අපනයනය කරයි
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.