විෂ සහිත සහල් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එම ඒකකයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, එම සාම්පල දැනටමත් රජයේ අනුමත රසායනාගාර වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව එහි පරීක්ෂණ වාර්තා ලබන සතියේ ලැබීමට නියමිත බවත් යම් පාරිභෝගිකයෙකුට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල අන්තර්ගතය සම්බන්ධයෙන් කිසියම් සැකයක් පවතී නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ 0112 112 718 අංකයට දැනුම් දෙන ලෙසයි අදාළ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.