චීනයේ Changsha හි දැවැන්ත මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ගොඩනැගිල්ල මහල් 42 කින් සමන්විත වන අතර ගින්න ඉතා ඉක්මනින් පැතිර ගිය බව පැවසේ.
මේ වන විට කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවද පැවසේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 100කට අධික පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.