Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලස්සනම ස්ථාන 5ක්
Lifestyle 141 Views

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලස්සනම ස්ථාන 5ක්

Buzzer EditorBy Buzzer EditorMay 30, 2022Updated:May 30, 2022No Comments6 Mins Read141 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ මෙම සුන්දරම ස්ථාන වෙත සංචාරයක් කරන්න. ඔබට ආපසු නිවෙස් බලා පිටත් වීමද අපහසු වනු තරමටම සුන්දරය. විශ්මය ජනක ස්ථාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථාන 5 ක් ඇතුළත් ශ්‍රී ලංකාවේ සුන්දරම අත්දැකීම් දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.

  1. බඹරකන්ද ඇල්ල, ඔහිය

ශ්‍රී ලංකාවේ ගවේෂණය කිරීමට වඩාත් සන්සුන් ස්ථානයක් වන්නේ බඹරකන්ද ඇල්ලයි. දිය ඇල්ල මීටර් 263 සිට උසින් පිහිටා ඇති අතර එය ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල ලෙස සැලකේ.

ස්ථානය: කළුපහන – ඔහිය පාර, ශ්‍රී ලංකාව

ප්‍රසිද්ධ වනුයේ: උඩුවේරිය හපුතලේ කන්ද සහ වලවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔය

නැරඹීමට හොඳම කාලය: උදෑසන 11 සිට දිය ඇල්ල කාර්යබහුල වන බැවින් උදේ වරුව දිය ඇලි නැරඹීමට හොඳම නිර්දේශිත කාලය වේ.

ළඟා විය හැකි ක්‍රමය: ඔබට දිය ඇල්ලට ළඟා වීමට සඳහා කිලෝමීටර 6 ක් දක්වා වාහනයකින් ධාවනය කළ හැකිය.

රැඳී සිටිය යුතු/ හැකි කිට්ටුම ස්ථාන: මෙල්හයිම් රිසෝට් ඇන්ඩ් ස්පා, නිලොවින් නිවාඩු නිකේතනය, ඔලිම්පස් ප්ලාසා හෝටලය

සංචාරක ආකර්ෂණ ස්ථාන: කළුපහන ප්‍රදේශයේ ඇති අලංකාර සදාහරිත වනාන්තරය.

  1. ඇල්ල

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන සොයනවාද? එසේනම් මධ්‍යම කඳුකරයේ දකුණු කඳු පවුරේ දර්ශනීය හිඩැසක් පෙනෙන කපොල්ලක් වැනි ඇල්ල හි විස්මිත ආකර්ෂණීය දර්ශණ දැකගැනීමට එන්න. කුඩා එළවලු බිම්, කඳු බෑවුම්වල තේ වතු සහ කඳු මුදුන්වල වනාන්තර සහිත සුන්දර කඳුකරයක මධ්‍යයේ පිහිටා ඇති මෙම ගම්බද පෙදෙස විශ්මය ජනක දෙයකටම වඩා අඩු නොවෙතැයි කිවහැක. ඇල්ල යනු ශ්‍රී ලංකාවේ නැරඹිය හැකි සුන්දරම ස්ථානවලින් එකකි.

ස්ථානය: ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කුඩා නගරයක්

ප්‍රසිද්ධ වනුයේ: කඳු නැගීම, කඳුකර දර්ශන නැරඹීම , දුම්රිය ගමන්

සංචාරය කිරීමට හොඳම කාලය: වර්ෂාපතනය අඩු බැවින් ඔබට කඳු නැගීමද භුක්ති විඳිය හැකි බැවින් ඇල්ල නැරඹීමට හොඳම කාලය ජනවාරි සිට මාර්තු දක්වා වේ.

ළඟා වන ආකාරය: කොළඹ සිට ඇල්ල ට කිලෝමීටර් 235 කි. ඔබට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඇල්ලට සෘජු දුම්රියකින් යා හැකිය

රැඳී සිටිය යුතු/ හැකි කිට්ටුම ස්ථාන: බ්ලූ රිබන් හොම්ස්ටේ (Blue Ribbon Homestay), එල්ල ට්‍රී හවුසස් ඇන්ඩ් කබානාස් (Ella Tree houses and Cabanas)

සංචාරක ආකර්ෂණ ස්ථාන: රාවණාගේ ගුහාව, ආරුක්කු නවය පාලම, රාවණා ඇල්ල

  1. ආදම්ගේ කඳු මුදුන (ශ්‍රී පාදස්ථානය)

මීළඟ ගමනාන්තය ශ්‍රී ලංකාවේ වඩාත් සිත් ඇදගන්නා සංචාරක ස්ථානවලින් එකක් වන අතර එය ආදම්ගේ කඳු මුදුන ලෙසත් බොහෝ දෙනෙක් මෙය හඳුන්වයි. ආදම්ගේ කඳු මුදුන ශ්‍රී ලංකාවේ සුන්දරම ස්ථාන අතර ඉහලින් පවතින ස්ථානයකි. මෙහි ගිය ඕනෑම කෙනෙක්ට රාත්‍රියේදී කඳු බෑවුම් තරණය කර අලුයමේදී මනරම් හිරු උදාවක් (ඉර සේවය) නැරඹීම අමතක කිරීමට අපහසු වනු ඇත.

මෙය ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ ස්ථානයක් සහ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන අතර, ආදම් කඳු මුදුනේ සිට දක්නට ලැබෙන දර්ශනීය දසුන් සමඟ මුළු ශ්‍රී ලංකාවේම දැකිය හැකි දර්ශන ගැලපීම දුෂ්කර වීම එය ශ්‍රී ලංකාවේ හොඳම සංචාරක ස්ථානවලින් එකක් බවට පත් කරවීමට සමත්වී ඇත. මෙම ස්ථානයේ නමම අද්විතීය වන අතර ගමනාන්තයද එසේමය. මෙම ස්ථානය ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශයේ පිහිටා ඇති අතර එය ශ්‍රී පාදය නැතහොත් ශ්‍රී පාදස්ථානය ලෙසින් ගෞරවාන්විත ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී පාදය මූලික වශයෙන් සැලකෙන්නේ බුදුන් වහන්සේගේ පා ​​සටහන් තැබූ ස්ථානය වශයෙනි.

මෙය පවතිනුයේ කන්දේ උඩම කොටසේ පාෂාණ නිර්මාණයක ස්වරූපයෙනි. මෙම අධ්‍යාත්මික හා ආගමික වැදගත්කම හැරුණු විට, මෙම ස්ථානය සජීවී හරිතකරණය සපයන සුන්දරත්වය සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ සමඟම, ඔබ කඳු මුදුනට ගියහොත්, අවට පරිසරයේ අපූරු දසුන් කිහිපයක් ඔබට දැකගත හැකිය. එබැවින්, මෙම ස්ථානය විසින් ඔබට ලබා දෙන ආකාරයේ අත්දැකීමක් ඔබට විඳදරාගැනීමට සිදුවන කුඩා දුෂ්කරතාවන්ට වඩා බෙහෙවින් වටින බව කිවයුතුය.

ස්ථානය: මධ්‍යම කඳුකරය, ශ්‍රී ලංකාව

ප්‍රසිද්ධ වනුයේ: එහි පාෂාණ සැකැස්ම, බුදු රජාණන් වහන්සේගේ සිරි පතුල තිබීම

සංචාරය කිරීමට හොඳම කාලය: කාලගුණය අනුව, ජනවාරි සිට මැයි සුදුසුම කාලය වේ. සිරිපා සාමය ලබන්නේ උඳුවප් පොහොයත් සමඟයි. කෙසේ වෙතත්, ඔබට දිගු පෝලිම්වල රැඳී සිටීමට අවශ්‍ය නැතිනම් පුර පසළොස්වක දින සහ ශ්‍රී ලංකා නිවාඩු දිනවලින් වළකින්න.

ළඟා වන ආකාරය: ඔබට පඩිපෙළ නැගීමට සිදු වුවද, කඳු මුදුනේ පාදමට ළඟා වීමට ඔබට කොළඹ සිට දුම්රියෙන් යා හැකිය. කොළඹ, මහනුවර සහ වෙනත් නගරවලින් හැටන් වෙත සෘජු දුම්රියකින් යන්න. ඉන්පසු ඇඇඩම්ස් පීක් වෙත ආසන්නතම නගරය වන ඩල්හවුසි වෙත බස් රථයකින් හෝ කුඩා ත්‍රී රෝද රථයකි යා හැකිය.

රැඳී සිටිය යුතු/ හැකි කිට්ටුම ස්ථාන: ස්ලයිට්ලි චිල්ඩ් හොටෙල් (Slightly chilled hotel), ග්‍රෑන්ඩ් ඇඩම්ස් පීක් හොටෙල් (Grand Adams Peak hotel)

සංචාරක ආකර්ෂණ ස්ථාන: ශ්‍රී පාද අභයභූමිය, ලක්ෂපාන ඇල්ල

  1. මිරිස්ස

ශ්‍රී ලංකාවේ වඩාත්ම සිත් ඇදගන්නා මුහුදු වෙරළේ සැඟවී සිටින ස්ථානයක් සහ නැරඹිය හැකි ස්ථානවලින් එකක් වන මිරිස්ස කුඩා ගම්මානයේ කඩුල්ලක් මත අව්වේ උකහා ගනිමින්ත හා තල්මසුන් නරඹමින් ඔබේ නිවාඩු දින ගත කලහැක. මේ වෙරළ පාරාදීසයට ඇතුළු වූ සැණින් සැබෑ ලෝකය අමතක වනු ඇත. පුදුමාකාර නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු සුන්දර ස්ථාන ලැයිස්තුවේ මිරිස්ස අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

සෑම කෙනෙකුම නගරයේ තදබදයට හා ජනකායට කැමති නැත. අපෙන් බොහෝ දෙනෙක් අපගේ නිවාඩු කාලය සාමයෙන් සහ සමහර නිස්කලංක ස්ථානවල ගත කිරීමට කැමතියි. ඉතින් ඔබත් එවැනි අයෙක් නම් සහ ඔබ ලංකාවේ සිටින්නේ නම්, ඔබ අනිවාර්යයෙන්ම මෙම මිරිස්ස නම් වූ සුන්දර ගම්මානයට යා යුතුයි.

බොහෝ පුරවැසියන් ලෙස ධීවරයන් ජීවත් වන ගම්මානයකි මෙය. එබැවින් ඔබට ප්‍රදේශයේ ජන ජීවිතය පිළිබඳ ඉතා සමීප අදහසක්, දසුනක් ගලපා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඔබට ධීවරයින් සමඟ මසුන් ඇල්ලීමට ගොස් තල්මසුන් සහ අනෙකුත් විශාල මසුන් දෙස බැලීමටද අවස්ථාව ලැබේ. ටූනා වැනි ඉතා ජනප්‍රිය හා රසවත් මසුන් මෙහි දක්නට ලැබේ. ඔබ මේ ගමේ සිටින විට ඉතා රසවත් දේශීය ආහාර අනුභව කිරීමට අමතක නොකිරීමට වග බලාගන්න.

ඒ වගේම සවස් බාගයේ මුහුදු වෙරළට ගොස් විවේකීව, නිදහස්ව කාලය ගත කිරීමේ හැකියාවද ඔබට මෙහිදී ඉඩකඩ ලැබේ. ඉතින්, මේ කුඩා වූත් සුන්දර වූත් මිරිස්ස ගම්මානයට කෙනෙකුට ආදරය නොකර සිටීමට නම් හේතු ඇතැයි පැවසුවොත් එය දැඩි මුසාවකි.

ස්ථානය: ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය

ප්‍රසිද්ධ වනුයේ: ටූනා, මල්ලට්, ස්නැපර් සහ බටර්ෆිෂ්

සංචාරය කිරීමට හොඳම කාලය: මිරිස්ස කියන්නේ සුළං බරිත ස්ථානයක්. එබැවින්, මැයි-ජූලි මාසයන් මග හරින්න. හොඳම මාස වන්නේ දෙසැම්බර්, ඔක්තෝබර් සහ අගෝස්තු.

ළඟා වන ආකාරය: වැලිගම මිරිස්සට ආසන්නතම දුම්රිය ස්ථානයයි (කිලෝමීටර් 7ක්). ඔබට කොළඹ හෝ බෙන්තොට සිට වැලිගමට සෘජුව දුම්රියෙන් ගමන් කළ හැකිය, ඉන්පසුව ත්‍රී රෝද රථයකින් හෝ බස් රථයකින් මිරිස්සට ගමන් කළ හැකිය.

රැඳී සිටිය යුතු/ හැකි කිට්ටුම ස්ථාන: මිරිස්ස හිල්ස් (Mirissa Hills), ග්ලැමර් හෝටලය (Glamour Hotel), පැරඩයිස් බීච් ක්ලබ් (Paradise Beach Club)

සංචාරක ආකර්ෂණ ස්ථාන: මිරිස්ස වෙරළ තීරය, පොල්ගස් කන්ද (Coconut Tree Hill), පැරට් ගල් පාලම (Parrot Rock Bridge)

  1. උල්පොත

ශ්‍රී ලංකාව ජනප්‍රිය වී ඇති තවත් එක් කරුණක් වන්නේ ආයුර්වේද සහ යෝග අධ්‍යයනයයි. මෙම උල්පොත ගම්මානයේ ඇත්ත වශයෙන්ම ඉතා හොඳ ආයුර්වේද මධ්‍යස්ථාන කිහිපයක්ම ඇත. ඒ අතර ඔබට සොබාදහමට මැදිව යෝග අභ්‍යාසද කළ ස්ථානද වේ. මෙම ගම්මානය ගැන පැවසුවොත් එය දිස්වන්නේ දිව්‍ය ලෝකයට ආසන්නවම පවතින ස්ථානයක් වශයෙන් වන අතර මෙහි කාලය ගත කිරීම ඉතා ප්‍රියජනකය.

බොහෝ යෝග මෙන්ම ආයුර්වේද විවේක මධ්‍යස්ථාන ද ඇතිබව ඉහත සඳහන් කළා. එහෙයින් මේ දේවල් ගැන උනන්දුව අඩු වුණත් උනන්දුව වැඩිකරගැනීමට මෙහි යන්න. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම සන්සුන් සංචාරක ස්ථානවලින් එකක් ලෙස සැලකේ!

ස්ථානය: උල්පොත ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව කොට්ඨාසයේ පිහිටා ඇත.

ප්‍රසිද්ධ වනුයේ: ආයුර්වේද විවේක මධ්‍යස්ථාන

සංචාරය කිරීමට හොඳම කාලය: එය විවෘත වන්නේ වසරකට මාස 7ක් පමණි

ළඟා වන ආකාරය: ඔබ උල්පොත සමඟ නැවතීමට වෙන්කර ගන්නේ නම්, ඔබට නවාතැන් ගැන කරදර විය යුතු නැත. ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලය විසින් ඔබව රැගෙන යනු ඇත.

රැඳී සිටිය යුතු/ හැකි කිට්ටුම ස්ථාන: ආයුර්වේද පැරඩයිස් මහෝ (Ayurveda Paradise Maho), හොටෙල් යාපහුව පැරඩයිස් (Hotel Yapahuwa Paradise)

සංචාරක ආකර්ෂණ ස්ථාන: සීගිරි පර්වතය, යාපහුව පර්වත කොටුව

ස්වභාව සෞන්දර්යය සහ උරුමයන් පිළිබඳ සම්පූර්ණ පැකේජයක් ලෙසින් ඇති මෙම සුන්දරම ස්ථාන කිහිපය ඔබේ හදවත දැඩිව අල්ලා ගනු ඇත. මෙම සියලු අලංකාර ස්ථාන නැරඹීම මඟින් සංචාරය අමතක නොවන අත්දැකීමක් බවට පත් කරනු නොඅනුමානයි. ඉතින් තවත් සිටින්නේ ඇයි?

Lifestyle pick picks Travel
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදේශබන්දුට නිවාඩු?
Next Article රැට්ටා අත්අඩංගුවට!
Buzzer Editor
  • Facebook

Related Posts

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20260 Views

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

By Buzzer EditorialJuly 21, 202600 Views

ජපානයේ නිෂ්පාදිත කිව්ඩෙංගා ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසු ද යන්න තීරණය කිරීම සඳහා ජාතික ඖෂධ…

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.