Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානිය
Medical 3 Views

දියවැඩියාව නිසා වකුගඩුවලට සිදුවන හානිය

Buzzer EditorBy Buzzer EditorMay 23, 2022No Comments5 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බෝ නොවන රෝග අතුරින් ප්‍රධානම රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. දිගුකාලයක් මුළුල්ලේ පවතින දියවැඩියා තත්ත්වය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාව පවා සිදුවේ. රටේ අස්සක් මුල්ලක් නෑර වාර්තා වෙන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමට දිගුකාලීනව පවතින මෙම දියවැඩියා තත්ත්වය සෘජුවේ බලපානු ලැබේ. ලෝකය සේම අපේ රට ගත්තද තත්ත්වය එක හා සමානයි.

දියවැඩියාව Type one සහ Type two යනුවෙන් දෙයාකාර වේ. Type one දියවැඩියා තත්ත්වය තරුණ අවදියේ පසුවන්නන් අතර සුලබ වන අතර Type two බොහෝවිට වයස්ගත පුද්ගලයන්හට වැළඳෙන තත්ත්වයකි. Type one දියවැඩියා තත්ත්වය නිශ්චය කරන මොහොතේදී වකුගඩුවට හානි කිරීම දුලබ තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසර 10ක් 15ක් ගත වනි විට වකුගජුවට බලපෑම් එල්ල කළ හැකිය. Type two තත්ත්වය නිශ්චය කරන මොහොත වනවිටත් සමහරුන්ගේ වකුගඩුවලට හානි පමුණුවා තිබිය හැකියි. ඇතැම් විට පුද්ගලයකුට වකුගඩු රෝගය වැළඳී ඇතැයි නිර්ණය කෙරෙන අවස්ථාව වනවිට වකුගඩුව අකර්මණ්‍යව තිබිය හැකියි.

සියලු දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන් නෙවෙයි

දියවැඩියා රෝගීන්ගෙන් සියයට 20ක් සියයට 30ක් අතර දෙනා වකුගඩු රෝගයට, වකුගඩු අකර්මණ්‍යතාවට ගොදුරු විය හැකියි. එසේම සියලුම දියවැඩියා රෝගීන්ට වකුගඩු රෝග අවදානමද නැත. දිගු කාලයක් පුරා නිසි පාලනයකින් තොරව පවතින දියවැඩියා තත්ත්වය වකුගඩු රෝගයට බලපාන ප්‍රධාන අවදානම් සාධකයකි.

වකුගඩු රෝගයට බලපාන අනෙකුත් අවදානම් සාධක

අධි රුධිර පීඩනය, රුධිර ගත කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම, දුම්පානය කිරීම, එසේම පවුලේ සාමාජිකයන්ට දියවැඩියාව සහ වකුගඩු රෝග වැළඳී තිබීම වැනි පවුල් පසුබිමද බලපානු ලැබේ. එමෙන්ම අධික ලුණු භාවිතයද වකුගඩු රෝගයට රතු එළියකි.

හඳුනා ගැනීම සහ කළ යුතු දේ

සමහර විටෙක මූලික අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්විය හැකියි. Diabetic Nephropathy තත්ත්වය මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එවිට වකුගඩු අකර්මණ්‍ය වීම වැනි බරපතළ අවදි දක්වා වර්ධනය වීම වලක්වා ගත හැකිය. පෙර සඳහන් කළ පරිදි රෝග ලක්ෂණ නොපෙන්වුවද වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ලේ සහ මුත්‍රා මාස 06කට වරක් හෝ වසරකට වරක් පරීක්ෂා කර ගත යුතුයි. මෙමගින් Diabetic Nephropathy තත්ත්වය මූලික අවස්ථාව පෙන්නුම් කරනවාද යන්න සොයා ගත හැකියි.

වකුගඩුවල ප්‍රධාන කාර්යය වන්නේ සිරුරේ අපද්‍රව්‍ය සහ අතිරික්ත ජලය අයින් කිරීමයි. වකුගඩුව නිර්මාණය වී ඇත්තේ මිලියන ගණනක පෙරීමේ ඒකක වන වෘක්කානු මගිනි. රුධිරයේ සීනි ප්‍රතිශතය වැඩි නම් මුත්‍රා සමග ඇල්බියුමින් ප්‍රෝටීනය පිටවේ. සමාන්‍ය නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රා සමග මෙසේ ඇල්බියුමින් පිට වන්නේ නැත. ඉතා කුඩා පෙරීමේ එකක වන වෘක්කානුවලට මෙම ඇල්බියුමින් ප්‍රෝටීනය බලපෑම් එල්ල කරයි. Diabetic Nephropathy තත්ත්වය තිබියදී වුවත් වකුගඩු ක්‍රියාකාරී වුවද දිගු කාලයක් පුරා පවතින තත්ත්වය වර්ධනය වීම හේතුවෙන් ඒවා අකර්මණ්‍ය වී යාහැකියි. එනම් ‘මයික්‍රො ඇල්බියුමින්යූරියා ‘තත්ත්වයට පත් වේ.. ඒ වගේම මුත්‍රා සමග පෙණ ගතියක් පිටවේ නම් එයද ඇල්බියුමින් ප්‍රෝටීනය පිටවීමේ ලක්ෂණයක් විය හැකියි.

වකුගඩු අක්‍රිය වුණොත්

වකුගඩු නියමාකාරයෙන් ක්‍රියාත්මක නොවන විටදී අපද්‍රව්‍ය සේම වැඩිපුර ජලයද සිරුරේ එක්රැස් වේ. සිරුරේ එකතු වන අතිරික්ත ජලය නියමාකාරයෙන් සිරුරෙන් අයින් නොවන විටදී ඇස් වටේ ඉදිමීම, දෙපා ඉදිමුව, පෙහලුවල ජලය එක්රැස් වීම නිසා ස්වසන අපහසුතා පවා ඇති විය හැකියි. එවිට ඇඳකවත් හාන්සි වී සිටිය නොහැකි තරමට හුස්ම ගැනීමේ අපහසුතා හටගනී.

අපද්‍රව්‍ය පවා නිසියාකාරයෙන් ඉවත් නොවන විටදී ඔක්කාරය, වමනය, අධික විඩාව, තෙහෙට්ටු ගතිය ඇඟ කැසීම, සිහිමඳ තත්ත්වය, සුවපහසු නින්දක් නොමැති වීම පවා ඇතිවී කෝමා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.

වලක්වා ගැනීම සහ ප්‍රතිකාර

ප්‍රතිකාර මගින් මූලික වශයෙන් රෝගයේ ආරම්භය ප්‍රමාද කිරීමත්, රෝග ව්‍ර්ධනයේ වේගය අඩු කිරීමත් සිදුවේ. වලක්වා ගැනීමේ පළමු පියවර ලෙස දුම්පානය නතර කිරීම, නිසි බරක් සිරුරේ පවත්වා ගෙන යාම එනම් ශරීර ස්කන්ධ දර්ශකය නිවැරැදි මට්ටමක තබා ගැනීම විශේෂයෙන් වැදගත් වේ. රෝගීන් සඳහා වෛද්‍ය උපදෙස්වලට යටත්ව සාමාන්‍ය ව්‍යායාම් නිර්දේශ කරනු ලැබේ. එනම් සතියට විනාඩි 150ක්වත්, සාමාන්‍යයෙන් දින 05ක් වරකට පැය භාගයක් පමණ ව්‍යායාම්වල ඔබ නිරත විය යුතුවේ. වෛද්‍යවරු ව්‍යායාම් නිර්දේශ කළද ඒ සඳහා රෝගීන්ගේ ඇති උනන්දුව අඩු මට්ටමක පවතී.

ඒවගේම NSAIBD වර්ගයට අයත් වේදනා නාශක බොහෝ වෙලාවට අපේ වකුගඩුවලට අහිතකර වේ. එනිසා ඉහත ඛාණ්ඩය යටතේ එන වේදනා නාශක හිතුමතේට භාවිත කිරීමෙන් වලකින්න. විශේෂයෙන් වකුගඩු රෝගීන් ඉහත වේදනා නාශක ගැනීම නතර කරන්න. රුධිර ගත සීනි මට්ටම නිවැරැදිව පාලනය කිරීම, අධි රුධිර පීඩනය පාලනය කිරීම ක්‍රමවත්ව සිදු කරන්න. අධික ලුණු භාවිතයෙන්ද වැලකීමට මතක කබා ගන්න.

පෝෂ්‍යදායී ආහාර වේලක්

දියවැඩියාව ඇති වකුගඩු රෝගීන් වෛද්‍යවරුන්ගේ සහ පෝෂණවේදීන්ගේ උපදෙස් මත පෝෂ්‍යදායී ආහාර වේලකට හුරු වන්න. දියවැඩියාව ඇති වකුගඩු රෝගීන් සීනි, අධික පිෂ්ඨය ,සංතෘප්ත මේද සහිත ආහාර එනම් බටර්, චීස් ,ගිතෙල් වැනි ආහාරවලින් ඉවත් වන්න. පලතුරු, එළවුළු, ධාන්‍ය , රනිල කුලයට අයත් බෝග, තන්තුමය ආහාර. ශාකමය ප්‍රෝටීන ආහාර (කඩල වැනි) අසංතෘප්ත මේද සහිත ආහාර. ඇට වර්ග, නට්ස් ( ආමන්ඩ්, පීනට්) අලිගැට පේර, ඔලිව්, සැමන්, මැකරල් වැනි මාළු ආහාරයට ගත හැකිය..

සාමාන්‍යයෙන් පිඟාන කොටස් 02කට බෙදෙන පරිදි භාගයක් පලතුරු සහ එළවළුවලින්ද අනෙක් භාගය කොටස් දෙකකට බෙදෙන පරිදි ඉන් එක් කාලක් පිෂ්ඨය සහිත ආහාරත් අනෙක් කාලට ප්‍රෝටීන සහිත ආහාරත් ඇතුළත් කර ගත හැකියි.

ඒවගේම වෙළෙඳපොළේ නිතර දැකිය හැකි භාගෙට පිසින ලද ජනප්‍රිය ආහාර යටතට අයත් මීට්බෝල්ස්. සොසේජස්, වැනි ක්ෂණික ආහාර පරිභෝජනය නතර කරන්න. කෘතිම රසකාරක ඇසුරින් සදා ඇති කෘතිම පාන වර්ග, සුදු පාන්, පේස්ට්‍රි, පැස්ටා, ස්නැක් සහ බයිට් වර්ග, භාවිතය හැකිතාක් අවම කළ යුතුයි.

ප්‍රතිකාර

වකුගඩු රෝගය වලක්වා ගැනීම සඳහා වෛද්‍යවරු විසින් විශේෂ ප්‍රතිකාර ක්‍රම සහ විශේෂ බෙහෙත් නිර්දේශ කරනු ලබයි. මූලික අදියරේදීම වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් ඖෂධ භාවිතයෙන් පාලනය කර ගත හැකි වනු ඇත. එසේම කලක් යනතුරු වකුගඩු රෝගය පැවතී නිශ්චය වනවිට වකුගඩු සමුපූර්ණයෙන්ම අකර්මණ්‍යව ඇත්නම් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදු වේ. රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රම දෙවිදියකි. Hemo Dialysis සහ Peritoneal Dialysis එම ද්විත්වයයි.

ප්‍රතිකාර මගින් Diabetic Nephropathy තත්ත්වයේ ආරම්භය ප්‍රමාද කිරීමත්, රෝග වර්ධනය වීමේ වේගය අඩු කිරීමත් සිදුවේ. වකුගඩු අකර්මණ්‍යතාවකදී හොඳම පුතිකාර ක්‍රමය වකුගඩුවක් බද්ධ කිරීමයි. එය මියැදුණු පුද්ගලයකුගෙන් හෝ ජීවත්වන නිරෝගී පුද්ගලයකුගෙන් ලබා ගත හැකියි. වකුගඩු බද්ධ කිරීමකට යනතුරු ඩයලයිසිස් ප්‍රතිකාර ක්‍රම දිගටම ක්‍රියාත්මක කෙරේ.

උපුටා ගැනීම: මාධවී ධර්මරත්න, ලංකාදීප වෙබ් අඩවිය

medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරහීම් – දාස් ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමති
Next Article Tom Cruise නැවතත් සිනමා කරලියට
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.