අධිකරණ අමාත්‍ය හර්ශණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු කිරීමට අමාත්‍යවරයා අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අද පස්වරු 5.30 දක්වා කාලය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.


