ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීම අභියෝගයට ලක් කරමින් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබුවේය.
මෙම පෙත්සම සම්බන්ධ වාචික දේශන ඉදිරිපත් කිරීම අද (02) අවසන් කෙරුණු අතර, ඒ අනුව නඩුවේ තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.


