Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
  • ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
  • බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
  • අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
  • රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
  • එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
  • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
  • ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, July 25
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්
News 5 Views

පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන්න – ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස්

Buzzer EditorialBy Buzzer EditorialNovember 27, 2025No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලිම වෙනුවෙන් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

තම දිස්ත්‍රික්කවලට ගොස් පීඩාවට පත් ජනතාව පිළිබඳ සොයා බලන ලෙස මෙහිදී මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්කර ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රදේශවල පවතින අවදානම් තත්ත්වය සහ ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට යුහුසුළුව මැදිහත්වන ලෙසද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහිදී, මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවලට ගොස් එම ජනතාවට සහන සැලසීමට මැදිහත් වීමේදී අයවැය විවාද සහ පාර්ලිමේන්තු කටයුතු බාධාවක් බැවින් අද ප.ව 2.00 පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය. 

මෙහිදී ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ ආරක්ෂාව සහ මුදා ගැනීමේ කටයුතු පිළිබඳව සහ පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ඇතුළු සහන සේවා අඛණ්ඩව සැපයීම පිළිබඳ මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම උසස් පෙළ විභාගය පැවැත්වීම සහ අධ්‍යාපන කටයුතු ඉදිරියට පත්වාගෙන යාමේ ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි. 

විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සහන සේවා කඳවුරු වෙත පැමිණි ජනතාව, නිවාසවල සිරවී සිටින ජනතාව මෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් ඥාතී නිවාසවල රැදී සිටින ජනතාව සඳහා පිසු ආහාර සහ වියළි සලාක අඛණ්ඩව ලබා දීමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා විනාශයට පත් නිවාස සහ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳවද අවධානය යොමු කර තිබේ. 

එමෙන්ම වාරිමාර්ග පද්ධතිය සහ එහි සුරක්ෂිතභාවය මෙන්ම  නාය යාමේ අවදානම ඇති ප්‍රදේශවල මහා මාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් ලබා දෙන දත්ත සමග නිරන්තරයෙන් යාවත්කාලීන වෙමින් ආපදා තත්ත්ව වළක්වා ගැනීම සඳහා පූර්ව සැලසුම් සකස් කරන ලෙසත්,  අධික වැසි තත්ත්වය සමඟ වාරිමාර්ග පද්ධතිය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ඒ පිළිබඳ ඉතා සමීපව අධ්‍යයනය කරමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී මහවැලි සහ වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරුන් වෙත වැඩිදුරටත් උපදෙස්  ලබා දී තිබේ.

තම දිස්ත්‍රික්කවල මතුව ඇති හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මෙම රැස්වීමට එක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලද අතර ඒ මත පදනම් ඉහත තීන්දු තීරණවලට එළැඹි බව සඳහන් වේ.

featured News pick picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවහාම ඉවත්වන්න – දිස්ත්‍රික්ක 7කට නායයෑම් රතු නිවේදන
Next Article මහනුවර – මහියංගනය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි
Buzzer Editorial

Related Posts

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

July 24, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 24, 20262 Views

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

By Buzzer EditorialJuly 24, 202602 Views

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන…

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

July 24, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
  • ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
  • බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
  • අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
  • රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
  • එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
  • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
  • ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.