ලංකා ප්‍රිමියර් ලීගයේ කණ්ඩායමක හිමිකාරීත්වයක් දැරිය යුතු වගකීම් සහ කොන්ත්‍රාත්තු සපුරාලීම පැහැර හැරීම හේතුවෙන් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කොලොම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් ඉවත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. මේ අනුව එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීගයේදී යාපනය සහ කොළඹ කණ්ඩායම් නව හිමිකාරීත්වයක් යටතේ සහභාගී වනු ඇති බව වාර්තා වේ.
ලංකා ප්‍රිමියර් ලීගය ජූලි අගදී??
දැනට ලැබෙන තොරතුරු අනුව පස්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගය එළැඹෙන ජූලි මස අග සහ අගෝස්තු මස මුල් සතිය තුළ ක්‍රියාත්මක වීමට වැඩි ඉඩක් පවතින අතර අදාළ තරගාවලියෙන් දින කිහිපයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයද සැලසුම් කොට තිබීම විශේෂත්වයකි.