Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

June 15, 2026

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » 25 වන යුද්ධ හමුදාධිපති ධූරයේ වැඩ භාරගනී
News 8 Views

25 වන යුද්ධ හමුදාධිපති ධූරයේ වැඩ භාරගනී

Buzzer EditorialBy Buzzer EditorialDecember 31, 2024No Comments3 Mins Read8 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී, ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර ශ්‍රී ලංකාවේ 25 වන යුද්ධ හමුදාධිපතිවරයා ලෙස පත් කළේය.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (30) භාර දුන්නේය.

ඒ අනුව ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො ආර්එස්පී පීඑස්සී අයිජී යුද්ධ හමුදාධිපති ලෙස, යුද්ධ හමුදා මූලස්ථානයේ දී අද ( 31 ) දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි භාර ගත්තේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගො වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක – 31 යටතේ, යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳී එතුමන් දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි.

කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන එතුමන් පාසැල් වියේ දී අධ්‍යාපනික හා විෂය බාහිර ක්‍රියාකාරකම් දෙකෙහිම දස්කම් දැක්වීය. ඔහු ජවසම්පන්න ක්‍රීඩකයෙකු වූ අතර අඛණ්ඩව වසර තුනක් විද්‍යාලයීය ශිෂ්‍ය නායකයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු පාසැලේ ක්‍රිකට්, පැසිපන්දු සහ රග්බි නායකත්වය දැරූ අතර පාසල් මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

වසර 36 ක කීර්තිමත් හමුදා දිවිය තුළ දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති එතුමන් අණ හා මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් හොබවා ඇත. එතුමන් දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරී අධ්‍යයන මධ්‍යස්ථානයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානි සහ ප්‍රධාන උපදේශක, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක සහ පුහුණු කණ්ඩායම් ප්‍රධානි, යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ, 66 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති (මධ්‍යම), ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ආදී තනතුරු රැසක්ද හොබවා ඇත.

එසේම යුද්ධ හමුදාධිපතිධූරයට පත්විමට පෙර එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍යය මාණ්ඩලික ප්‍රධාන තනතුර හෙබ වූ අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධූරයද හෙබවූයේය.

එසේම වොෂින්ටනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ථ සහයෝගීතා වැඩසටහනේ උපායමාර්ගිය ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිය, එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ වෘත්තීය සංග්‍රාමික අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලා අදියර II යටතේ උසස් අධ්‍යයනය, දීර්ඝ කාලීන කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ලික පාඨමාලාව ආදී දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇති අතර එතුමන් වොෂින්ටනයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රතිත්‍රස්ථ සහයෝගීතා වැඩසටහනේ හොඳම විදේශ ශිෂ්‍යයා සම්මානය සඳහා තෝරා ගැනීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශේෂී ජයග්‍රහණයක් විය.

එසේම ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ සටනේ දී සතුරා හමුවේ දැක්වූ විශිෂ්ටත්වය නිසාම එතුමන් රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.

ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මැතිණිය සමඟ විවාහ වී සිටින එතුමන් දියණියන් දෙදෙනෙකුගේ සහ පුතණුවෙකුගේ ආදරණීය පියෙකි.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවයිස් අද්මිරාල් කාංචන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට
Next Article සහල් මෙට්‍රික් ටොන් 79,000ක් ආනයනය කර අවසන්
Buzzer Editorial

Related Posts

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

June 15, 2026

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

June 15, 2026

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 15, 20261 Views

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

By Buzzer EditorialJune 15, 202601 Views

ඓතිහාසික ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා , එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී…

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.