Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

June 15, 2026

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට
News 3 Views

වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට

Buzzer EditorialBy Buzzer EditorialDecember 31, 2024No Comments4 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති ධූරයට

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් රියර් අද්මිරාල් කාංචන බාන‍ගොඩ වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව, අද  ( 2024 දෙසැම්බර් 31) ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපතිවරයා ලෙස පත් කරන ලදි. ඒ අනුව, අද (2024 දෙසැම්බර් 31) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් අභිනව නාවික හමුදාධිපති  වෙත නාවික හමුදා සාම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති ගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, අභිනව නාවික හමුදාධිපති  වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් ආචාරය පිරිනැමීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, 1989 සැප්තැම්බර් මස 15 වැනි දින 19 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වි නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර එක්සත් රාජධානියේ ඩාට්මත් නාවික විද්‍යාපීඨය (Britannia Royal Naval College – Dartmouth UK) වෙතින් අන්තර්ජාතික මධ්‍ය නිලධාරී පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර, 1991 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, සිය උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාළාව 1994 වර්ෂයේ නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින්ද, 2000 වර්ෂයේදී දියයට මුහුදු සංග්‍රාමික දීර්ඝ පාඨමාලාව (Anti-Submarine Warfare – ASW) ඉන්දීය නාවික නෞකා වෙන්දුර්තිහී දියයට මුහුදු සංග්‍රාමික පුහුණු පාසල වෙතින්ද සාර්ථකව හදාරා ඇත.

එමෙන්ම, බංගලාදේශ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් 2009 වර්ෂයේදී අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කරන ඔහු, 2019 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ වොලොන්ග්ගොන්ග් විශ්ව විද්‍යාලයෙන් සමුද්‍රීය ප්‍රතිපත්ති පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද, 2022 වර්ෂයේදී ජාතික ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යනය පාඨමාලාව, කොළඹ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින්ද සාර්ථකව හදාරා ඇති අතර, කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හා ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (මානව සම්පත් කලමනාකරණය) උපාධිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය වෙතින් හදාරා ඇත.

සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින්, 2022 වර්ෂයේ මැයි මස 04 වැනි දින රියර් අද්මිරාල් නිලයටත්, 2024 දෙසැම්බර් මස 31 වැනි දින වයිස් අද්මිරාල් නිලයටත් උසස් විම් ලද  ඔහු, සිය 34 කට අධික සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇත. ඒ අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන්ද, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු නිලධාරීන්ගේ උපදේශක වශයෙන් දෙවතාවක්ද, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපදේශක නිලධාරී වරයෙක් වශයෙන්ද සහ සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක කාර්යය මණ්ඩලයට අනුයුක්තව දෙවතාවක්ද,  නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු කපිතාන්, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු කණ්ඩායම් ප්‍රධානී, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, ගිණිකොණ නාවික විධානයේ ආඥාපති, උතුරු මැද නාවික විධානයේ ආඥාපති, උතුරු නාවික විධානයේ ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කල වයිස් අද්මිරාල් කාංචන‍ බානගොඩ, නාවික හමුදාධිපති වශයෙන් පත්වීමට පෙර, 2024 අගෝස්තු මස 16 වැනි දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් රාජකාරී කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.     

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මානුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණ සූර පදක්කම ද, අගනා සේවය නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ , ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මඟින් ගැඹුරු මුහුදේදී සිදුකල මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් යාත්‍රා තුනක් සමඟ එහි ගමන්ගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වෙනුවෙන්, නාවික හමුදාධිපති විසින් සේවය ඇගයීමට ලක්කර ප්‍රශංසාවක්ද  පිරිනමා ඇත. වයිස් අද්මිරාල් කාංචන බානගොඩ එක්සත් රාජධානියේ නාවික ආයතනයේ සාමාජිකයෙකු වශයෙන් සේවය ලබාදෙන අතර,  මුළු දිවයින සඳහා සාමදාන විනිශ්චයකාරවරයෙක් ලෙසද පත් කර ඇත. රැකට් ක්‍රීඩා ඉසව්, සංචාරය කිරීම, ගවේෂණය කිරීම,  ඡායාරූපකරණය, කියවීම සහ සංගීතය ඔහුගේ විනෝදාංශවේ.    

ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින්, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සිය නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් අද (2024 දෙසැම්බර් 31) උදෑසන නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ඔහුගේ දයාබර බිරිඳ, අනුෂා බානගොඩ මැතිණිය සහ ඔවුන් දෙපලගේ දියණිය අමාවි බානගොඩ හා පුතනුවන් වන හිමෙත් බානගොඩ ද සහභාගි වී සිටියහ.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩුවේ තීන්දුව නිකුත්වෙයි
Next Article 25 වන යුද්ධ හමුදාධිපති ධූරයේ වැඩ භාරගනී
Buzzer Editorial

Related Posts

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

June 15, 2026

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

June 15, 2026

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 15, 20261 Views

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

By Buzzer EditorialJune 15, 202601 Views

ඓතිහාසික ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා , එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී…

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.