Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
  • ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ට්‍රම්ප් දිනුම්
World News 3 Views

ට්‍රම්ප් දිනුම්

Buzzer EditorialBy Buzzer EditorialNovember 6, 2024No Comments3 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

අඛණ්ඩව එල්ලවූ අභියෝග රැසක් ජයගනිමින් අමෙරිකා එක්සත් ජනපද ධවල මන්දිරයට මාවත විවරකරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සමත් විය.

ඒ එරට 47 වැනි ජනාධිපතිවරයා ලෙසිනි.

සිය ජයග්‍රහණය නිවේදනය කරමින් ඔහු ජනතාව හමුවේ සහතික කළේ තමා යුද්ධ නතර කරන අතර යුද්ධ ආරම්භ නොකරන බවය.

අමෙරිකාව යුද බලයෙන් සන්නද්ධ කළ යුතු වුවත් එහි අදහස යුද්ධ කිරීම නොවන බව විජයග්‍රහණය දැනුම්දුන් අවස්ථාවේ ඔහු අවධාරණය කළේය.

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ 60 වැනි ජනාධිපතිවරණය ඊයේ (05) පැවැත්වුණි.

මෙවර මැතිවරණය සඳහා සුදුසුකම් ලබා සිටි අමෙරිකානු ඡන්දදායකයින් සංඛ්‍යාව මිලියන 186කි.

මැතිවරණයේ කරටකර සටනක් පැවතියේ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂිකා වත්මන් උපජනාධිපතිනී කමලා හැරිස් අතරය.

ට්‍රම්ප් යුවළ ෆ්ලොරිඩා හි වෙස්ට් පාම් බීච් හි ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කළේය.

කමලා හැරිස් මැතිවරණ දිනයට පෙර ඡන්දය භාවිත කර තිබුණේ තැපැල් මාර්ගයෙනි.

අමෙරිකානු මැතිවරණ ක්‍රමවේදයට අනුව එරට ඡන්ද ප්‍රතිඵල නිකුත් වන්නේ ජාතික මට්ටමෙන් නොව ප්‍රාන්ත මට්ටමෙනි.

ඒ ප්‍රාන්ත 50ට අදාළව ඡන්ද විද්‍යාල ක්‍රමවේදයක් යටතේය.

සෑම ප්‍රාන්තයකටම ජන අනුපාතයට අනුව නිෂ්චිත නියෝජිතයන් සංඛ්‍යාවක් එම ඡන්ද විද්‍යාල සඳහා පත් වන අතර එම ප්‍රාන්තවල වැඩිම ඡන්ද දිනාගන්නා අපේක්ෂකයාට අදාළ ප්‍රාන්තයේ සමස්ත නියෝජිත සංඛ්‍යාව හිමිවේ.

ජනපතිවරයා ලෙස පත්වන්නේ මෙලෙස ප්‍රාන්ත සියල්ලෙන්ම වැඩිම නියෝජිතයන් පිරිසක් දිනාගන්නා අපේක්ෂකයාය.

ඒ අනුව ජනපද පනහට අදාළ ඉලෙක්ටෝරල් කොලේජස් හෙවත්, ඡන්ද විද්‍යාලවල සමස්ථ ඡන්ද සංඛ්‍යාව වූ 538න් 270ක බහුතරය ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනේ.

මෙහිදී 2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉතාමත් තීරණාත්මක ජනපද වන පෙන්සල්වේනියා, ජෝර්ජියා සහ උතුරු කැරොලයිනා ඇතුළු තවත් ජනපද රැසක ජයග්‍රහණය තමන් සතු කරගැනීමට ට්‍රම්ප් සමත්වුණේ ධවල මන්දිරය වෙත යන මාවත යළිත් විවෘත කරගනිමිනි.

ඒ අනුව ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී කමලා හැරිස් පරාජය කරමින්, අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා බවට පත්වන්නට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්විය.   

දැනට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව සිය ජයග්‍රහණය තහවුරු කරමින් ට්‍රම්ප්, ෆ්ලොරිඩා හි පාම් බීච් හි පිහිටි මැතිවරණ මූලස්ථානයේදී සිය ජය නිල වශයෙන් නිවේදනය කළේය.

1946 වසරේ ජූනි 14 වනදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි.

1987 දී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ට්‍රම්ප් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත්වන්නේ 2016දීය.

2020 ජනාධිපතිවරණයෙන් ලද අමිහිරි පරාජයෙන් පසු ඔහුගේ ආධාරකරුවන් අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලේ සිදුකළ කැරැල්ල සහ ගැටුම් අතරතුර හය දෙනෙකුට දිවි අහිමි වීම ට්‍රම්ප්ගේ දේශපාලන දිවියට එක්වූ විශාලම කළු පැල්ලම විය.

පරාජයෙන් පසු ට්‍රම්ප්ට එරෙහිව නඩු කිහිපයක්ම ගොනු කෙරුණු අතර, අපරාධ අධි චෝදනාවට ලක්වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු විය.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා පෙන්සල්වේනියා හිදී පැවති ප්‍රචාරණ රැලියක් අතරතුර එල්ල වූ මාරක වෙඩි පහරින් ට්‍රම්ප් ජීවිතය ගලවාගත්තේ යන්තමිනි.

වසර 120කින් අනතුරුව පරාජිත ජනාධිපතිවරයෙක් නැවතත් අමෙරිකාවේ බලයට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ.

මේ අතර කමලා හැරිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රැලියක්, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වාර්තාවීමත් සමග අවලංගු කෙරුණි.

අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමට අමතරව, ඉදිරි වසර දෙකකට අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435ක් සඳහා මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ ඡන්ද විමසීමත් ඊයේ (05) පැවැත්වුණි.

ඊට අමතරව සෙනෙට් සභාවේ ආසන සියයෙන් 33ක් සඳහා නීති සම්පාදකයින් තෝරාගැනීමත් මෙවර මැතිවරණ දිනයේදී සිදුකෙරුණි.

පුරෝකථනවලට අනුව සෙනෙට් සභාවේ වැඩි බලයක් තහවුරු කරගෙන ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයයි.

එමෙන්ම ප්‍රාන්ත 11ක සහ පුවර්ට රිකෝ සහ අමෙරිකානු සමෝවා යන ස්වයං පාලන කලාප දෙකේ ආණ්ඩුකාරවරුන් තෝරාගැනීම ද මෙහිදී සිදුකෙරුණි.

මෙවර මැතිවරණයෙන් තේරීපත්වන ඡන්ද විද්‍යාල නියෝජිතයින් ලබන දෙසැම්බර් මස 17 වනදා රැස්වී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය නිල වශයෙන් තහවුරු කරනු ඇති.

47 වැනි අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඔහු දිවුරුම්දීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි 20 වනදාය.

featured News pick picks Political world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅගමැතිනිය හා ICC ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක්
Next Article පාස්පෝට් රිට් පෙත්සමේ රනිල්වත් වගඋත්තරකරුවෙක් ලෙස නම් කෙරේ
Buzzer Editorial

Related Posts

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026

තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20265 Views

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

By Buzzer EditorialJune 19, 202605 Views

ආනයන ගෙවීම් සම්බන්ධයෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි නව පාලන රෙගුලාසි පනවමින් අති විශේෂ ගැසට්…

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි

June 19, 2026

තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
  • කැනඩාවෙන් ගෝල වැස්සක් – ස්විට්සර්ලන්තයට සුපිරි ජයක්
  • ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.