Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 13
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ගම්මන්පිලගේ වුවමනාව ඇමති විජිත හෙළිකරයි – කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැති බවත් කියයි
News 4 Views

ගම්මන්පිලගේ වුවමනාව ඇමති විජිත හෙළිකරයි – කමිටු වාර්තාව රජය පිළිගන්නේ නැති බවත් කියයි

Buzzer EditorialBy Buzzer EditorialOctober 22, 2024No Comments4 Mins Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පාස්කු කමිටු වාර්තාවක් උපුටා දක්වමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඉලක්ක කර ඇත්තේ, ඔවුන් දෙදෙනා වර්තමානයේ දරන තනතුරු ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය මත බව අමාත්‍යවරයා කියා සිටියේය.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවය.

පාස්කු වින්දිතයින් පවා එම නිලධාරීන් දෙදෙනා අපක්ෂපාති බව හොඳින් දන්නා බවත්, විවිධ අවශ්‍යතා ඇති අයට ඔවුන්ව තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි ද විජිත හේරත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ප්‍රශ්නය – අපරාධයකට ළඟින් හෝ යන අයෙක් යම් තනතුරකට පත්කර නීති කටයුතු සිදුකරන්නේ නෑනේ. ඔබතුමා හිතන්නේ නැද්ද මේ පත්කිරීම නොකර මේක ඉවර කරලාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වෙනත් නිලධාරීන් පත්කරලා, මේක කරගෙන යන්න තිබුණා කියලා. 

“ඉතා පැහැදිලිවම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළමු දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ එක. ඒක අපි දන්නවා. පරීක්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම බාධා කරන්නේ නෑ. අපි පරීක්ෂණ කරගෙන යනවා. ඔය පරීක්ෂණ කරන්නේම ඔතැනින් මේක ගලවන්න. ගම්මන්පිල ප්‍රශ්න කරන එකේ වාර්තාවේ විවිධ අයගේ නම් තියෙනවා. ඒ අය ගැන ගම්මන්පිල ප්‍රශ්න කරන්නේ නෑ. ගම්මන්පිලට ඕනේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නව මෙතැනින් ඉවත් කරන්න. අපි ඒක කරන්නේ. ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ…”

මෙම කමිටු වාර්තාවේ පැහැදිලි ඉලක්කය වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නොවෙයි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරු ව. මීට පෙර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබ්බා…තීන්දු දුන්නා. හිටපු ජනාධිපතිවරයා ට විරුද්ධව, නිලන්ත ජයවර්ධන ට විරුද්ධව, හිටපු පොලිස්පතිවරයාට විරුද්ධව තීන්දු දුන්නා. ඒ නඩුවේ ශානි අබේසේකර මහත්තයාගේ නම සඳහන් වෙලා තිබුණේ නෑ. ඒ නඩුවේ රවී සෙනෙවිරත්නගේ නම සඳහන් වුණා. හැබැයි නඩු තීන්දුවේ කිසිදු තැනක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙකුගෙන් යුක්ත පූර්ණ විනිසුරු මණ්ඩලයක විභාග කළ නඩු වාර්තාවේ රවී සෙනෙවිරත්න මහත්මයා කිසිදු චෝදනාවකට වරදකරුවෙක් වුණේ නැහැ. ඒ තීන්දුවේ ඔහුගේ නමවත් සඳහන් වෙලා නෑ. ඉතින් එහෙම තියෙද්දී තමයි මේ හදිස්සියේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ කටයුතු ආරම්භ කරපු ගමන් සාගල රත්නායක රවී සෙනෙවිරත්න ව මුණ ගැහිලා තමන්ගේ කටයුතු සඳහා සහාය දෙන්න මෙතැනින් ඉවත්වෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තියෙන තත්ත්වයක් යටතේ දැන් මේ කමිටුවක් පත්කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඒ වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පිළිබඳවත් තවත් විවිධ අයත් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ගම්මන්පිලට ඒවා පෙන්නේ නෑ. ඒවා දකින්නේ නෑ. දැන් මේ මෙච්චර කාලයක් නිදාගෙන ඉඳලා..ඔහු ආණ්ඩුවේ අමාත්‍යධුර දැරුවා. විපක්ෂයේ හිටියා. ඒ මොකක්වත් නැතිව දැන් මේ වුවමනාව කාගේද කියලා පැහැදිලියිනෙ හරියටම ජන්ද ප්‍රචාරක කටයුතු ඉවරවෙන්නේ සැප්තැම්බර් 18, 17 තමයි මේ වාර්තාව ලබා දෙන්නේ. මේක නිකම්ම නිකම් කමිටු වාර්තාවක්.”

ඊයේ මාධ්‍ය හමුවේ විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් කමිටු වාර්තාවේ 40 වැනි පිටුවේ අඩංගු කරුණු උපුටා දක්වමින් ගම්මන්පිල මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස රවී සෙනෙවිරත්න මහතාව නම් කර ඇති බවයි.

එබැවින් ඔහුව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා පැවසුවේ එම කමිටුව දේශපාලන අවශ්‍යතා මත පිහිටවූ බවයි.

එබැවින් එම කමිටු වාර්තා රජය පිළිනොගන්නා බව ඔහු පැවසීය. 

“ජනක ද සිල්වා කොමිසම් වාර්තාවේ කිසි තැනක රවී සෙනෙවිරත්න මහත්මයා ව වරදකරුවෙක් කරලා නෑ. එහෙම තියෙද්දී තමයි හිතා මතා මේ වගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නිර්දේශ ඒ විදියටම අපි පිළිගන්නේ නෑ. රජයක් විදියට මේ දේශපාලන වුවමනාවට පත්කරපු විෂමාචාර චෝදනාවලට ලක්වෙච්ච හිටපු මහාධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධකරගෙන පත්කරපු වික්‍රමසිංහ ගේ මේ දේශපාලන පළිගැනීමේ ඉලක්ක කරගෙන පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නේ නෑ. ඒ නිසා අපි රජයක් විදියට ඉතා වගකීමෙන් යුක්තව මේ සියලුම වාර්තාවල තියෙන කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධාරණයට ලක්වෙච්ච වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නත් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න අවශ්‍ය පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා…මට කියන්න කනගාටුයි මම මේවා කියන්න හිටියේ නෑ. 

මේ විනිසුරුතුමිය ගැන මේවා අපි කියන්න හිටිය දේවල් නොවෙයි. නමුත් එතුමිය මේ වගේ මරාල කර ගහන්න හදනකොට තේරුම් ගන්න ඕනේ මේ අනුන්ගේ පව් කරගහන්න ගිහිල්ලා වෙන තත්ත්වය. ඉතින් මේ වගේ කමිටුවලින් දෙන වාර්තා අපිනම් කොහෙත්ම පිළිගන්නේ නෑ. ගම්මන්පිල මහත්තයා උස්සන්ගියාට අපිට කරන්න දෙයක් නෑ. අපි මේ පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කරලා කවුරුහරි නිලධාරියෙක් ඒ වගකීම් පැහැර හැරලා තියෙනවා නම් අපිට ඒකෙ තරාතිරමක් නැහැ. ඒකෙ හංගන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම ඕනෑම පුද්ගලයෙක් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් මෙතන වැරද්දක් කරලා තියෙනවා නම් එය සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයකින් අපි අනිවාර්යේන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි ඒකට පැකිලෙන්නේ නෑ.”

featured News pick Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහැඩ වූ අලුත් විදෙස් ගමන් බලපත
Next Article CIDයට ප්‍රකාශයක් දීමට ජොන්ස්ටන් සුදානම්
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.