Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පළමු දිනයේ අණසක පැතිරූ ශ්‍රීලංකාව අදත් පිටියට
Sports 1 Views

පළමු දිනයේ අණසක පැතිරූ ශ්‍රීලංකාව අදත් පිටියට

Buzzer EditorialBy Buzzer EditorialSeptember 27, 2024No Comments3 Mins Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

සංචාරක නවසීලන්ත පිල සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව මුල් ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා සිටියදී ඊයේ පළමු දිනය නිමාවට පත් විය. නායකත්වයට පත්වීමෙන් අනතුරුව පිට පිට 6 වැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ගාලු තණතිල්ල පිතිකරුවන්ට වාසිදායක බව සිතා පළමුව පන්දුවට පහරදීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් ශ්‍රී ලංකා ඉනිමට දිනේෂ් චන්දමාල් ශතකයක් හා ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක එක් කළහ.

කමිඳු මෙන්ඩිස් මේ දක්වා සහභාගි වූ පළමු ටෙස්ට් තරග 8කදී ලකුණු 50ට වැඩියෙන් ලබා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට නව ලෝක වාර්තාවක් එක් කිරීම ඊයේ දිනයේ සුවිශේෂී සිදුවීම විය. පාකිස්තාන ක්‍රීඩක සවුද් ෂකීල් 2022දී සිය පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කොට පිහිටුවා තිබූ ලෝක වාර්තාව කමිඳු ඊයේ බිඳ හෙළා දැමුවේය.

දිවා විවේකය වෙද්දී ශ්‍රී ලංකා පිල ඕවර 32කදී කඩුල්ලක් දැවී ලකුණු 102ක් ලබා සිටි අතර, දිවා විවේකයෙන් පසු කඩුලු 2ක් බිඳ වැටී තවත් ලකුණු 204ක් එකතු විය. පෙරවරු කාලයේ සිහින් සිරිපොදක් ගාලු ක්‍රීඩාංගණයට ඇද හැලීමෙන් තරගය මිනිත්තු 21ක කාලයක් අත්හිටුවීමට සිදු වුවද දිනයේ නියමිත ඕවර 90 සම්පූර්ණ කරනතුරු තරගය ගෙනයෑමට විනිසුරුවෝ කටයුතු කළහ.

පළමු දිනයේ ‘දවසේ ක්‍රීඩකයා’ බවට පත්වූ දිනේෂ් චන්දිමාල් තම 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර, මිනිත්තු 271ක කාලයක් තුළදී පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟ ලකුණු 116ක් ලබා ගත්තේය. එය චන්දිමාල් ගාලු ක්‍රිකට් පිටියේ ලබාගත් 6 වැනි ටෙස්ට් ශතකය ලෙස සටහන් විය. චන්දිමාල් ලකුණු 100 පසු කරද්දී මිනිත්තු 220ක කාලයක් ගත කරමින් පන්දු 171කට මුහුණදී සිටි අතර, එවිට හතරේ පහර 13ක් එල්ල කොට තිබිණි. දකුණත් පිට දඟ පන්දු යවන ග්ලේන් පිලිප්ස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ල තුළටම දඟ කැවී චන්දිමාල් දැවී ගියේය. චන්දිමාල් – මැතිව්ස් තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 97ක් වූ අතර, දෙදෙනා මිනිත්තු 128ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 205කට මුහුණ දුන්හ. 

ඇන්ජලෝ මැතිව්ස් තම 44 වැනි ටෙස්ට් අර්ධ ශතකය ඊයේ වාර්තා කළ අතර එය ගාලු තණතිල්ලේ ඔහු රැස් කළ 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය. මැතිව්ස් දිනය නිමාවෙද්දී පන්දු 208කට මුහුණදී හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 78ක් ලබා සිටියේය. අනෙක් අන්තයේ සිටින කමිඳු මෙන්ඩිස් ඊයේ දිනයේ එල්ල වූ එකම හයේ පහර සමඟ පන්දු 56කදී හතරේ 8ක් සමඟ නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ඊයේ දිනය එතරම් සුබදායක නොවූ අතර, තරගයේ ටිම් සවුති යැවූ පළමු ඕවරයේදීම කඩුලු රකින බ්ලන්ඩෙල් අතට උඩ පන්දුවක්දී ලකුණු 1කට දැවී ගියේය. අනතුරුව දිමුත් හා චන්දිමාල් එක්ව දෙවැනි කඩුල්ලට පන්දු 229කදී ලකුණු 122ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වීම කැපී පෙනිණි. මිනිත්තු 144ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි දිමුත් කරුණාරත්නගේ 40 වැනි ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 4ක් අඩුව තිබියදී ඔහු දුවද්දී දැවී යෑමෙන් ලකුණු වේගය තරමක් අඩාළ විය. ලකුණු 46කට දැවී ගිය දිමුත් ‘මිඩ් විකට්’ දෙසට පහරක් එල්ල කරමින් ලකුණක් කරා දිව ගියද චන්දිමාල්ගේ කිසිදු සූදානමක් නොවීය. දිමුත් යළි පිතිකරුගේ විකට්ටුව දෙසට ආපසු හැරී දිව ගියද එවිට ග්ලේන් පිලිප්ස් පන්දුව කඩුල්ලට යොමු කිරීමෙන් ක්‍රීඩාගාරයට යෑමට සිදු විය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ ක්‍රීඩකයන් බොහෝ දෙනකුට එක හා සමාන වාසගම් තිබුණද, පීරිස් වාසගම සහිත පරපුරෙන් බිහිවූ එකම ක්‍රීඩකයා ලෙස ඊයේ ටෙස්ට් වරම් දිනා ගැනීමට නිශාන් පීරිස් වාසනාවන්ත වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරා මහතාගේ අතින් 27 හැවිරිදි නිශාන් පීරිස් ශ්‍රී ලංකාවේ 167 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් හිස්වැස්ම ලබා ගත්තේය.

තරගයේ දෙවැනි දිනය අදයි.

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබයිඩන් ගෙන් අනුර ට සුබ පැතුම්
Next Article පැරණි ක්‍රමවේදයට වීසා දීම ඇරඹෙයි
Buzzer Editorial

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.