Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, June 14
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නවසීලන්ත පිතිකරුවෝ පහසු ගමනක
Sports 5 Views

නවසීලන්ත පිතිකරුවෝ පහසු ගමනක

Buzzer EditorialBy Buzzer EditorialSeptember 20, 2024No Comments2 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

කිසිම අපහසුතාවකින් තොරව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගනිමින් සිටින නවසීලන්ත පිතිකරුවෝ ගාල්ල ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (19 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටියහ. ශ්‍රී ලංකාවේ ලකුණු 305 අභිබවා යාමට ඔවුන්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 50 ක් පමණි. 

ලෝකයේ අංක 2 හිමි ටෙස්ට් පිතිකරුවා වන කේන් විලියම්සන් (55) සහ රචින් රවීන්ද්‍ර (39) දෙදෙනාවම ලකුණු 09 ක් ඇතුළතදී දවාගැනීමට ධනංජය ද සිල්වා සමත් වූයේය. එහෙත් එතැන් සිට එක්වූ ඩැරිල් මිචෙල් (නොදැවී 41)  සහ ටොම් බ්ලන්ඩ්ල් (නොදැවී 18) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් නවසීලන්තය ඉදිරියට ගෙන ගියහ. 

ඔවුන් දෙදෙනාගෙන් ඩැරිල් මිචෙල් හිතුවක්කාර පහර කිහිපයක්ම ගැසූ නමුත් ඒ සියලු අවස්ථාවලින් ගැලවීම සඳහා ඔහුට පුදුමාකාර වාසනාවක් තිබිණ. වතාවක් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ගැසූ පැඩ්ල් ස්කූප් පහරකින් ධනංජය ද සිල්වා උඩපන්දුවක් රැකගත් බව විනිසුරු මයිකල් ගෆ් මහතා තහවුරු කළ නමුත් එය විතීවි ක්‍රමවේදයට යොමුකළ පිතිකරුවා තමන්ගේ කඩුල්ල රැකගත්තේය. 

නවසීලන්ත ඉනිමේ 10 වැනි ඕවරය නිමාවන විට ශ්‍රී ලාංකික පන්දු යවන්නන් පස් දෙනකුගේ නම් ලකුණු පුවරුවට ඇතුළත් වී තිබිණ. නවසීලන්ත ඉනිමේ ලකුණු ගලායාමට මූලික හේතුවක් වූයේ ප්‍රභාත් ජයසූරියගේ ඉලක්කයකින් තොර පන්දු යැවීමයි. තේ පානයට පෙර යැවුණු ඕවර 38.4 න් 14.4 ක් යැවූයේ ප්‍රභාත් වූවත් ඔහුට එකම නිලකුණු ඕවරයක් හෝ යවාගත නොහැකි විය. තේ පානයෙන් පසුව තවත් ඕවර 15 ක් යැවූ ප්‍රභාත්ගේ සම්පූර්ණ ඕවර 31 කින් නවසීලන්ත පිතිකරුවන් උදුරාගත් ලකුණු සංඛ්‍යාව 99 කි. 

ඕවර 17 ක් යැවූ රමේෂ් මෙන්ඩිස්ට තිබුණේත් එකම නිලකුණු ඕවරයකි. 

දඟ පන්දු යවන්නන්ගේ පරාදීසයක් යයි නම් ලද ගාල්ල ක්‍රීඩාංගණයේදී ලකුණු 55 කට කඩුලු 5 ක් දවාගත් විලියම් ඕ’රූක් පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 305 කට සීමා කළේය. සිය තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඕ’රූක් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් දෙවැනි අවස්ථාව මෙයයි. 

අද පෙරවරුවේ තරගය ආරම්භ වනවිට කඩුලු 7 කට ලකුණු 302 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු තුනම ලකුණු 03 ක් ඇතුළත ඇද වැටිණ. පළමු වර්ෂාවට පෙර ප්‍රභාත් ජයසූරිය  ලකුණු නොලබාම දැවී ගියේය. වර්ෂාවෙන් අනතුරුව තරගය ආරම්භ වීමෙන් පසුව පන්දු 7 ක් ඇතුළත ඉතිරි කඩුලු දෙක දවාගැනීමට ඕ’රූක් සමත්විය. 

ඕ’රූක්ගේ ක්‍රමය වන්නේ කෙටි පන්දු යවමින් පිතිකරුවා සසළ කිරීමයි. 

“ඒකට කියන්නේ පිතිකරුවා පිතිකරුවා සසළ කිරීම කියලා නම් මම ඒ වචනයට කැමතියි. අපි පුහුණුකරුවන් සමග කතාබහ කරන්නේත් ඒ වගේ දෙවල් ගැනයි” යයි විලියම් ඕ’රූක් කීවේය. එසේ කියන විට ඕ’රූක් දවාගෙන සිටියේ කඩුලු 3 ක් වුවද අද පෙරවරුවේදී ඔහු කඩුලු දෙකක් දවාගත්තේ  කඩුල්ල එල්ලයේ පන්දු යවමිනි. 

featured pick picks Sports
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඅද කාලගුණය
Next Article රාජ්‍යය නිලධාරීන් 09කගේ මැතිවරණ රාජකාරි තහනම්
Buzzer Editorial

Related Posts

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

June 12, 2026

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 12, 20262 Views

එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

By Buzzer EditorialJune 12, 202602 Views

එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය…

ෂාන් විජයලාල් ද සිල්වාට ඇප

June 12, 2026

SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි

June 12, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී

June 12, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 341 පනී
  • 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය
  • පෙන්ටගනයේ වායු ගුණාත්මකභාවයේ ගැටලුවක්
  • ඉරාන යුද්ධය අවසන් කිරීමට විශිෂ්ට එකඟතාවක් ඇති බව ට්‍රම්ප් කියයි
  • අකුණු සැර වැදීමක් හේතුවෙන් ශ්‍රීලන්කන් යානයක් ආරක්ෂිතව ගොඩබස්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.