ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඔවුන් මේ බව පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුවිය.
ඒ අනුව ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ, රුපියල් 10 කින් ය.
එහි නව මිල රුපියල් 307 කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 352 ක් දක්වා පහළ ගොස් ඇත්තේ, රුපියල් 3 කින් මිල අඩු කිරීමත් සමගයි.