Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
  • ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
  • බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
  • අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
  • රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
  • එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
  • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
  • ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Sunday, July 26
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ලකාගේ හෑල්ල – අනුර දිනයිද?
Politics 26 Views

ලකාගේ හෑල්ල – අනුර දිනයිද?

Buzzer EditorialBy Buzzer EditorialAugust 29, 2024No Comments4 Mins Read26 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp


මට අනුව නම් අනුර දිනිය යුතුය.
මම 2019 දී ගෝඨාභය දිනිය යුතු බව කී අතර ඒකට හේතුව ලෙස සමස්ත සමාජයට ආවරණය කරගෙන පාලනයේ ඉන්න අය තිරය යට ගෙනියන සෙල්ලම මහා සමාජයට නිරාවරණය කළහැක්කේ ගෝඨාභය රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා වැනි දේශපාලන අත්දැකීම් නැති, වහන්නට නොදන්නා, සිවිල් සමාජයේ සර්වයිවල් එක වන අනිකා රැවටීමේ ටෙක්නික්ස් නොදන්නා නාසිස්ටික් උද්ධච්ච මිනිහෙකුට බවත් එවැනි පාලකයෙක් රටම ගිනිතියන බවත් ඒ ගින්නෙන් අළුත් රටක් උපදින බවත් මම 2019යේම කිව්වෙමි. මේවා කෙලවුණාට පස්සේ ගහන බයිලා නොවේය.

https://www.facebook.com/share/p/wtaAcfin2YWxW3aa කී පරිදිම ඒක එහෙමම උණේය. ​
ගෝඨාභය මහත්තයා නිසා අවුරුදු ගාණක් අපෙන් වහගෙන බැලන්ස් කරගෙන උන් ආර්ථික කෝලම මහජනතාවට නිරාවරණය උනේය. මුං මේ සහන දෙනවා කියලා කරන්නේ අපේ ළමයිගේත් ළමයිටත් උන්ගේ ළමයිටවත් ගෙවලා ඉවර කරන්නට බැරි ණය අරගෙන අපිට කන්නට බොන්නට දීම බව සාමාන්‍ය මිනිහාට තේරුණේය. නැත්තං හාමුලා, සර්ලා, මහත්තයලා, ඒවා තමන්ගේ පර්ස් එකෙන් ඇද අප කෙරේ අනුකම්පාවෙන් අපිට දෙන සහන නේදෝයි සාමාන්‍ය මිනිහා හිතාගෙන හිටියේය. ගෝඨාභය ඒක ඉවරයක්ම කලේය.

ඉන්පසු එළඹෙන ලෝකයේ වෙනස මොකක්ද…?
ඉන්පසු එළඹෙන ලෝකය යනු නැවත ඒ බොරුව වෙත ආපසු නොයා යුත්තකි. රනිල් වික්‍රමසිංහ කළේ වේගයෙන් තමන් දන්නා තැනට රට රීසෙට් කිරීමය. රනිල්ට පුළුවන් ඔච්චරම තමයිය. ඒ නිසා අපි රනිල් ළඟ නොනැවතී ඉස්සරහට යායුතු යැයි මම 2022 දී කිව්වෙමි. රනිල් මේක රීසෙට් කරන බව මම කිව්වෙ පෙට්‍රල් ​පෝලිම්, ගෑස් පොලිම් තිද්දීමය. ඒක මම කිව්ව විදියටම උණේය.

https://www.facebook.com/share/p/EBdDaLe1ashuq78Y

ඉතින් දැන් අනුර දිනන්ට ඕනෑය…

ඒ ඇයි… රට සුඛිත මුදිතව ආර්ථිකයෙන් ශක්තිමත්ව ඉංදියාවටත් ගේමදී ලෝක බලවතෙක් වෙන්නද…? පිස්සුද. අනුර දිනුවා කියා මේ ඉන්න තැනින් එක පාරට අපි අඟලක්වත් ඉස්සරහට යන්නේ නැත. යම් ස්තාවරත්වයකට ඒමටත් අඩුම අවුරුදු කිහිපයක් ගතවෙනු ඇත. නමුත් අනුරගේ ජයග්‍රහණය යනු විසාල අනාගත ජයග්‍රහණයක දෙවන පියවරයි. ගෝඨාභයගේ ජය ඒකේ පළවෙනි පියවරයි.

මට අනුව නම් අනුර දිනන්නේ දේශපාලනයේ එක පරිච්ඡේදයක් ඉවරකරගෙනය. එනම් ප්‍රභූන් හෝ ප්‍රභූ පන්තියට බැල මෙහෙවර කළ හෝ කරන්නන්ගේ රාජ්‍ය පාලන යුගය නිමා කරමිනි. අනුර ජනාධිපතිවරයා මතට පැවරෙන බරපතලම දේශපාලන කාර්‍යභාරය එයයි.

මේ ප්‍රභූන්ගේ දේශපාන අවුල නම් එයාලා දේශපාලන බලය යනු තමන්ට අයිති, තමන්ට ලැබිය යුතු වරප්‍රසාදයක් විදියට හිතන එකය. මේක අපිට අයිති අපේ රට යකෝ කියා හිතන එකය. දූෂණය, හොරකම පටන්ගන්නේම එහෙමය. අපිට අයිති රටේ අපි මොනවා කළාම මොකද යකෝ කියාය. එයාලාට පොදු අදහසක් නැත. එයාලගේ ​ලෝකයේ ඉන්නේ, මම, මගේ පවුල, මගේ පවුලට හිතවත් උන් විතරය. මේ රටේ හෙණය ඒකය…. ප්‍රභූන් අවසන් වෙන්නට ඕනෑමය.

අනුර එනකොටම අනික් පක්ෂත් අනුරලා එක්කම ඒ ප්‍රභූ හෙණයෙන් නිදහස් වන්නේය. එම පක්ෂවල සිටින දක්ෂ, තරුණ මොඩර්න් එවුංට පක්ෂවල බලය සහ පාලනය හිමිවන්නේය. ​හේතුව ඉන්න උන්ගෙන් බාගෙට බාගෙකටත් වඩා නඩුවල පැටලෙනු ඇති අතර අනික් උන් දේශපාලයෙන් සමුගෙන රේඩාර් එකේ යටට රිංගනු ඇත.

පරම්පරා උරුමය ඇරෙන්නට වෙන කිසිම සුදුසුකමක් නැති පිංබත් ප්‍රභූන්ට පු#ට පයින් ගැසීමේ බලය ඒ පක්ෂවල ඉන්න දක්ෂයන්ට ලැබෙනු ඇත. ඇත්තටම යූ ඇන් පි යේ නායකත්වයට හරීන් හොඳ නැද්ද…? අනුරම දක්ෂයෙක් ලෙස හැඳින්වූ කාංචනට අගමැතිකමක්, ජනාධිපතිකමක් උරුම නැද්ද…? තව හැංඟුන දක්ෂ එවුන් කොච්චර ඒ පක්ෂවලම ඉන්නවද… පොෂ්, පැෂනේට් කොල්​ලො කෙල්ලො පාර්ලිමේන්තු එන්න ඕනේ නැද්ද…?

නමුත් සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනය උන්ට උඩට එන්නට දෙන්නේ නැත. උන් හැමදාම දෙවන පේළියේය. උඩ ඉන්නට ඕනෑ උන් හෝ උංගේ පවුල්වල උන් විතරය….

අනුර ජනාධිපතිවීමත් එක්කම ඒ ඒ පක්ෂවලට එවුංට තමන්ගේ ප්‍රභූ වහල්භාවයෙන් මිදෙන්නට හයියත් අවස්තාවත් ලැබෙනවා ඇත. රටේ දේශපාලනය අළුත්වෙන්නේ එහෙමය. ඒ ඒ පක්ෂ වල ඉන්න ස්මාර්ට්, ලස්සන, දක්ෂ කොල්ලන් කෙල්ලන් අනුරගේ විපක්ෂය වුවහොත් අපිට කුණුහර්ප නොකියන, මිරිස් කුඩු නොගහන, අදාල විෂය ගැන හොයා බලා කතාකරන පාර්ලිමේන්තුවක ‘බලාපොරොත්තුවක්’ ලැබෙනු ඇත.

ඉතිං අනුර දිනලා අවුරුදු දෙක‍ තුනකින් නැත්තං එක ධුරකාලයකින් ගෙදරගියත් මටනං කමක්නැත. හේතුව අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් සමස්ත දේශපාලන සංස්කෘතියට ගෙන එන වෙනස ඉදිරි සියවසක ලංකාවේ දේශපාන සිතියම වෙනස්කරන එකක් නිසාය.

අනුරගෙන් පසුව මම කියන විදියට ඉඩහැදෙන්නේ ඒ ඒ පක්ෂවල ඉන්න ස්මාට්ම කොල්ලන්ට කෙල්ලන්ටනං එතනින් පස්සේ අපිට ලැබෙන රට මට අනුව දේශපාලනිකව ආතල්ය. අනුරගෙන් පසුව බලය යෑමේ වැඩිම සම්භාවිතාව ඇති නාමල් පවා අපට ලැබෙනු ඇත්තේ දැන් ඔය රැවුල් ඇඳගෙන, පටිය දාගෙන තාත්තට රඟපාන, කට්ටිය නැවිලා වඳින ලොකුසීන් නාමල් ලෙස නොව, NPP ආණ්ඩුවෙන් දේශපාලනිකවද, නීතිකටයුතුවලින්ද දැඩි පීඩාවට පත්ව ඒකෙන්ම මැචුවර් වුණ, බලයට බය දේශපාලකයෙක් ලෙසටය. නැතුව දැන් ඉන්න මේක අපේ රටෞත්තෝ සීන් එකෙන් නෙවේය…..

අනුර ජනාධිපතිවරයා ඇතිකරන මේ වෙනස විසින් දවසක අපි හීන දැකපු ආතල් රට අපෙන් පසුව ඉන්න එවුන් හදාගනු ඇත. මගේ පිටපතේ හැටියට අනුර දිනන්ට ඕනෑ ඒ නිසාය.

ප.ලි
ඇත්තටම නැවත රනිල් හෝ සජිත් පේමදාස දිනුවා කියා මට ‘පුද්ගලිකව’ කිසිම අවුලක් නැත. හේතුව අවුරුදු හතළිහක් මම ජීවත් වුණ ණයට කන, පිනට බොන, පජාත සිස්ටම් එකට මම ඉතාම පුරුදු සහ ඒකේ ගොඩයන හැඩය මම හොඳටම දන්නා නිසාය. ඒ නිසා මට ඒකේ විශේෂ වෙනසක් නැත. ඒ උණත් මෙවර අනුර නැතත් කවුරු හෝ කවදා හෝ ඔය ඉහත මා කියන වෙනස කරනවාමය. ඒ කවදාහෝ මේ රට ඇත්තටම වෙනස් වෙන්නට පටන් ගන්නවාය. මගේ එකම ආසාව ඒ වෙනස මගේ ඇස්වලින් දැකීමය……

✍️ලක්මාල් ධර්මරත්න

featured News picks Political
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරනිල්ගෙ ප්‍රතිපත්ති මෙන්න
Next Article උතුරේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල්
Buzzer Editorial

Related Posts

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

July 24, 2026

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

July 24, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 24, 20262 Views

පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්

By Buzzer EditorialJuly 24, 202602 Views

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන…

ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි

July 24, 2026

බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි

July 24, 2026

අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

July 24, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
  • ලංකාවේ කිරි අවශ්‍යතාවෙන් මෙරට තුළ නිෂ්පාදනය කරන්නේ සියයට 43ක් පමණයි
  • බංග්ලාදේශ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙයි
  • අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ
  • රටට ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
  • එළැඹෙන 30 සහ 31 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවාවන් ඇනහිටියි
  • මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
  • ඩෙංගු මරණ 59 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.