සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා පවත්වාගෙන ගිය නීති විරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක්, යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් වටලා පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (27) දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
දිගු කලක් තිස්සේ මෙම නීති විරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුල පවත්වාගෙන ගොස් ඇති අතර යුද හමුදා බුද්ධි අංශය මගින් මෙම තොරතුරු අනාවරණය කර ගැනිමට සමත්ව ඇත.ඒ අනුව සුරාබදු නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු මෙයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු එම ව්‍යාජ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ හා ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
මෙහිදී එම ස්කාගාරයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද විදේශීය විස්කි බෝතල් 54ක්,එම බෝතල් සීල් කිරීම සඳහා යොදා ගන්නා මැෂින් 2ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු බියගම සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිදු කරනු ලබයි.




