2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් එළි දක්වා තිබේ.
කණ්ඩායම් 10ක් එක්වන තරගාවලියේ මූලික වටයේ තරග පැවැත්වෙන්නේ A සහ B ලෙස කාණ්ඩ 2කිනි.
ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග කෙරේ.
B කාණ්ඩයට එක් වන්නේ දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ ස්කොට්ලන්ත කණ්ඩායම් ය.
තරගාවලියේ සත්කාරකත්වය හිමිව තිබූ බංග්ලාදේශයේ පවතින දේශපාලන ගැටලු නිසා එක්සත් අරාබි එමීර් වෙත සත්කාරකත්වය පැවරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගියදා පියවර ගත්තේය.
ඒ අනුව තරගාවලිය පැවැත්වෙන්නේ ඩුබායි සහ සාජාහිදීය.
තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරග 10ක් ද පැවැත්වීමට නියමිතය.
ඔක්තෝබර් 03 වැනිදා සිට 20 වැනිදා දක්වා මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
බංග්ලාදේශය සහ ස්කොට්ලන්තය අතර පළමු තරගය ඔක්තෝබර් 03 වැනිදා සාජාහිදී පැවැත් වේ.
පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගය ද එදිනම සාජාහිදී පැවැත්වීමට නියමිතය.
සම්පූර්ණ තරග කාලසටහන මෙන්න..
