අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බවටයි පසුගිය දින කිහිපයේම පුවත් පැතිර ගියේ.
නමුත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියේ අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන්නැයි තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බවයි.