ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka LatestNews
කීර්තිමත් දේශපාලනඥයකු වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජණය කළ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන ඇය නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක්ම දරා ඇති අතර පසුගිය රජය යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරන ලදී.