Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබන්නේ ඇයි?
Blog 5 Views

ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු ලබන්නේ ඇයි?

Buzzer EditorBy Buzzer EditorMay 1, 2024No Comments5 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බොහෝ රටවල, මැයි දිනය පුරාණ වසන්ත උත්සවයක් ලෙස සැලකෙන නමුත්, වර්තමානයේ එය ලොව පුරා කම්කරුවන් විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල සහ ජයග්‍රහණ සැමරීම සඳහා කම්කරු දිනය (හෝ ජාත්‍යන්තර කම්කරු දිනය) ලෙස හඳුන්වනු ලබයි.

සෑම වසරක ම, වඩා යහපත් සේවා කොන්දේසි සහ වෘත්තීය සමිතිවලට වැඩි බලතල ඉල්ලා ලොව පුරා විරෝධතා පැවැත්වේ. මුල් කාලයේදී එය විවිධ සමාජවාදී, කොමියුනිස්ට් සංවිධාන සහ කම්කරු කණ්ඩායම් විසින් සමරන ලදී. මුල් විරෝධතා ඇමෙරිකාවේ පැවැත්වුව ද, එහිදී එය සමරනු ලබන්නේ, සැප්තැම්බර් මස එළඹෙන පළමු සඳුදා දිනයේදී ය.

සියල්ල ආරම්භ වූයේ කෙසේ ද?

1886 මැයි 4 වන දින හේමාර්කට් විරෝධතාවයේදී බෝම්බයක් පිපිරෙන ආකාරය දැක්වෙන නිදර්ශනය

1886 වසරේදී, බ්‍රිතාන්‍ය සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකු වූ රොබට් ඔවන්ගේ අදහසක් මත පදනම්ව දිනකට පැය අටක සේවා මුරයක් ඉල්ලා ඇමෙරිකාවේ වෘත්තීය සමිති දැවැන්ත වැඩ වර්ජන මාලාවක් දියත් කළේය. “පැය අටක ශ්‍රමය, පැය අටක විනෝදාස්වාදය, පැය අටක විවේකය” යන සටන් පාඨය සමගින් ඔහු දිනකට පැය අටක සේවා මුරයක් ඉල්ලා සිටීමේ අභිමතාර්ථය සකස් කළේය.

එහි දැවැන්ත ම විරෝධතාව මැයි 1 වන දා චිකාගෝ පැවැත්වුණු අතර, ඊට කම්කරුවන් 40,000ක් පමණ එක්ව සිටියහ. එකල, වැඩ කරන වේලාවන් හෝ විවේක දින නියම කිරීමකින් තොරව කර්මාන්ත ශාලාවල අධික වෙහෙස වී වැඩ කිරීම සාමාන්‍ය තත්ත්වයක් විය. එම කාලයේදී, චිකාගෝ නගරය ඇමෙරිකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හදවත වූ අතර, වෘත්තීය සමිති සංවිධානවල මධ්‍යස්ථානය ලෙස ද පැවතිණි.

පසුව, ව්‍යාපාරික හා දේශපාලනික කවයන් විසින් තමන්ට හිතකර ලෙස නොසලකන ලද විරෝධතාවලට තවත් අතෘප්තිමත් කම්කරුවන් සහ රාජ්‍ය විරෝධීන් දස දහස් ගණනක් එකතු වූහ. රාජ්‍ය විරෝධීන් යනුවෙන් එකල හැඳින්වූයේ, නීතියේ පාලනය සහ නීතිය බලාත්මක කිරීම වටා ව්‍යුහගත වූ සමාජයකට විරුද්ධ වූවන් ය.

මෙහිදී ආතතිය ඉහළ ගිය අතර, පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූහ. පොලිස් ම්ලේච්ඡත්වය නිසා කුපිත වූ කම්කරු නායකයෝ සහ වර්ජකයෝ පසු දා, එනම් මැයි 4 වන දින චිකාගෝහි සුප්‍රසිද්ධ හේමාර්කට් චතුරශ්‍රයේ පෙළපාළි සංවිධානය කළහ.

තවමත් හඳුනාගත නොහැකි වී ඇති ප්‍රහාරකයෙකු විසින් එහිදී පොලිසිය වෙත බෝම්බයක් විසි කරනු ලැබූ අතර, එම බෝම්බය පිපිරීම සහ පසුව ඇති වූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් පොලිස් භටයින් 7 දෙනෙකු මිය ගිය අතර සෙබළුන් 67 දෙනෙක් තුවාල ලැබූහ. ඊට අමතරව, අවම වශයෙන් විරෝධතාකරුවන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 30කට අධික පිරිසක් තුවාල ලැබූහ.

එය, පසුව හේමාර්කට් සමූහ ඝාතනය හෝ හේමාර්කට් සිද්ධිය ලෙසින් ප්‍රසිද්ධියට පත්වූ අතර, රාජ්‍ය විරෝධීන් 8 දෙනෙකුට මිනීමැරුම් චෝදනා එල්ල විය. ඔවුන්ගෙන් සමහරෙකුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ නමුත් ඔවුන් කළ වරද කිසි විටෙකත් නිසි ලෙස තහවුරු නොවීය.

මැයි දිනයේදී එම සිදුවීම් සැමරීමට 1889 වසරේදී, රටවල් 20ක සමාජවාදී හා කම්කරු පක්ෂ සහ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ රැස්වීමක් වූ, දෙවන ජාත්‍යන්තරයේ පළමු සම්මේලනයේදී තීරණය කෙරිණි.

තවත් බොහෝ රටවල් මැයි දිනය පිළිගනී

චිකාගෝහි පැවති ගැටුම් ඊළඟ වසර කිහිපය තුළ බොහෝ වාමාංශික පක්ෂ සඳහා උත්තේජනයක් විය. දක්ෂිණ යුරෝපයේ, මැයි දිනය මුලින් ම සනිටුහන් කළේ, එවකට ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය ලෙස සැලකුණු ස්ලෝවේනියාවේ සහ ක්‍රොඒෂියාවේ පුරවැසියන් ය. දුෂ්කර සේවා තත්ත්වයන්, අඩු වැටුප් සහ දීර්ඝ සේවා මුර, 1893 වසරේදී සර්බියාව තුළ මැයි දින රැලියක් සංවිධානය කිරීමට හේතු සැපයීය.

පළමු ලෝක සංග්‍රාමයෙන් පසු, ඇති වූ වේගවත් කාර්මික සංවර්ධනය සහ රුසියාවේ කොමියුනිස්ට් විප්ලවයේ බලපෑම හේතුවෙන්, කම්කරුවෝ ලොව පුරා මූලික අයිතිවාසිකම් සඳහා අරගල කළහ. 1933 වසරේදී නාසි පක්ෂය බලයට පත්වීමෙන් පසු, කම්කරු දිනය ජර්මනියේ නිල නිවාඩු දිනයක් බවට පත් විය.

උත්ප්‍රාසාත්මක ලෙස, එය ජර්මානු කම්කරු ව්‍යාපාරය සැබවින් ම විනාශ කරමින් (දෙවන ලෝක යුද්ධයෙන් පසු වෘත්තීය සමිති නැවත ගොඩනගන ලද නමුත්) මැයි දින නිවාඩුව නම් කිරීමට පසු දින නිදහස් වෘත්තීය සමිති අහෝසි කර දැමීය.

පෙරදිග සහ අපරදිග මැයි දින සැමරුම්

1950 දී බෙල්ග්‍රේඩ් හි මැයි දින සැමරුම

දෙවන ලෝක යුද්ධයෙහිදී මිත්‍ර පාර්ශවික ජයග්‍රහණයෙන් පසු, දේශපාලන හා ආර්ථික බෙදීම් වඩාත් කැපී පෙනෙන ලෙස ගෝලීය සිතියම වෙනස් විය.‍ දශක ගණනාවක් තිස්සේ කියුබාව, එවකට සෝවියට් සංගමය සහ චීනය වැනි සමාජවාදී රටවල වඩාත් වැදගත් නිවාඩු දිනයක් ලෙස කම්කරු දිනය සමරනු ලැබීය. එය සාමාන්‍යයෙන් විශාල පෙළපාළි පැවැත්වීමෙන් සලකුණු කරන ලද අතර, එම පෙළපාළි මොස්කව්හි රතු චතුරශ්‍රයේ පැවති අතර, එයට ඉහළ පක්ෂ සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

එය සෝවියට් ආරක්ෂක හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් ලෙස ද සැලකිණි. කොමියුනිස්ට් නායකයින් විශ්වාස කළේ, අලුතින් ස්ථාපනය කරන ලද නිවාඩුව සහ සැමරුම, ධනවාදයට එරෙහි අරගලයේදී එක්සත් වීමට යුරෝපයේ සහ ඇමෙරිකාවේ කම්කරු පන්තියට උත්තේජනයක් වනු ඇති බවට ය.

1945 වසරේදී මැයි දිනය නිල වශයෙන් රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුගෝස්ලාවියාවේ සමාජවාදී ෆෙඩරල් ජනරජයේ කතාව ද ඊට සමාන වන අතර, එහිදී පෙරහැර සහ හමුදා පෙළපාළි සමග ප්‍රබල රාජ්‍ය ප්‍රචාරණයක් ද සමගින් සමරනු ලැබිණි. ලෝකයේ සෙසු ස්ථානවල ද, වෘත්තීය සමිති සහ කම්කරුවෝ වඩා හොඳ කම්කරු අයිතිවාසිකම් ඉල්ලා මැයි දිනයේදී පෙළපාළි සංවිධානය කරති.

විරැකියාව සහ වැඩ කරන ජනතාවගේ දරිද්‍රතාවයේ පුරෝකථනය කරන ලද ඉහළ යාම හමුවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් වැදගත් වේ. විරැකියාව අඩුවීමක් සහ ධනාත්මක රැකියා වර්ධනයක් පැවතියදීත්, වැටුප් ඉහළ දැමීම් පසුගිය වසරේ උද්ධමනයට සාපේක්ෂව පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, G20 රටවල් බහුතරයක සැබවින් ම සැලකුවහොත් වැටුප් පහත වැටුණු බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සිය 2024 පුරෝකථන වාර්තාවේ පවසයි.

පසුගිය වසරේ, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන කම්කරුවන්ගේ සංඛ්‍යාව – ක්‍රය ශක්ති සාමාන්‍යය (PPP) කොන්දේසි අනුව පුද්ගලයෙකුට දිනකට ඩොලර් 2.15ට වඩා අඩු ආදායමක් ලබන පිරිස – ගෝලීය වශයෙන් මිලියනයකින් පමණ වර්ධනය වී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.

ඊට මධ්‍යස්ථ දරිද්‍රතාවයේ පසු වන (එනම් PPP කොන්දේසි අනුව දිනකට ඩොලර් 3.65ට වඩා අඩු ආදායමක් ලබන්නන්) කම්කරුවන් සංඛ්‍යාව එකතු කළ විට එම අගය මිලියන 8.4කින් පමණ ඉහළ යයි. (සෘජු උපුටාගැනීම: BBC සිංහල)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer History සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා කළා ලොවට සමුදෙයි
Next Article ඉන්දුනීසියාවේ රුඅංග් ගිනි කන්ද සක්‍රිය අතට
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20269 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202609 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.