ජාත්‍යන්තර කාන්තා දිනය අදට (මාර්තු 08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා.
මීට අවුරුදු 100යකට එහා එනම් 1908 වසරේදි කාන්තාවන් පහළොස් දහසක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙන් කාන්තා දිනය ඇරඹුණි.
ඉන් වසරකට පසු ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසිනි. 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබිණි.
මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද (08) උදෑසන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.